හොර රහසේ කරන අනාරක්ෂිත වැඩ නිසා දැන් ලංකාවේ තත්ත්වය සෑහෙන්න බරපතළ වෙලා කියලයි අලුත්ම ආරංචිය. ශ්‍රී ලංකා ජාතික ලිංගාශ්‍රිත හා ඒඩ්ස් මර්දන වැඩසටහනෙන් මේ ගැන ඇඟ කිලිපොළා යන අලුත්ම දත්ත ටිකක් එළියට දාලා තියෙනවා.
පහුගිය අවුරුද්දේ ඉඳන් මේ වෙනකම් ඒඩ්ස් (AIDS) රෝගීන් හැරුණම, වෙනත් ලිංගාශ්‍රිත රෝග හැදුණු අයගේ ගාණ 10,032ක් බවට තහවුරු වෙලා! මේක නම් කොහොමවත්ම සුළුපටු ගාණක් නෙවෙයි.
අනාරක්ෂිත සබඳතා නිසා බෝවෙලා තියෙන ඒ ලෙඩවල පැහැදිලි විස්තරය මෙන්න...
හර්පීස් (Herpes): රෝගීන් 2,920 යි.
ලිංගික ඉන්නන්: රෝගීන් 2,284 යි.
සිෆිලිස් (Syphilis): රෝගීන් 1,289 යි.
ගොනෝරියා (Gonorrhea): රෝගීන් 692 යි.
වෙනත් ලිංගික රෝග: රෝගීන් 2,847 යි.
මේ ඔක්කොටම අමතරව, මේ කාලසීමාව ඇතුළත අලුතින් ඒඩ්ස් රෝගීන් 874 දෙනෙකුත් ලංකාවෙන් වාර්තා වෙලා තියෙනවලු.
මේ ගැන කතා කරන්න ගොඩක් අය ලැජ්ජා වුණාට, ලෙඩේ හැදුණට පස්සේ විඳවන්න වෙන්නේ තමන්ටමයි. ලිංගික ප්‍රදේශවල තුවාල, බිබිලි, වේදනා ගෙන දෙන තත්ත්වයන්, ගැටිති තියෙනවා නම් හරි, දවස් තුනකට වඩා එක දිගට උණ තියෙනවා නම් හරි ගෙදරට වෙලා හැංගිලා ඉන්න එපා. කඩිනමින්ම වෛද්‍ය පරීක්ෂණයකට යොමු වෙන්න කියලා බලධාරීන් තරයේ අනතුරු අඟවනවා.
අනාරක්ෂිත විදිහට ලිංගික සබඳතාවලට යන අය විශේෂයෙන්ම මේ ගැන අවධානයෙන් ඉන්න ඕනේ. නිතර වෛද්‍ය පරීක්ෂණවලට යොමු වෙලා නිසි ප්‍රතිකාර ගත්තොත් මේවා වළක්වා ගන්න පුළුවන්. ඔබට මේ ගැන රහසිගතවම වැඩි විස්තර දැනගන්න ඕනේ නම්, ලැජ්ජා වෙවී ඉන්නේ නැතුව KNOW4SURE.LK වෙබ් අඩවියට ගිහින් බලන්නත් පුළුවන් කියලා අදාළ වැඩසටහනෙන් දැනුම් දීලා තියෙනවා.