හැබැයි මේ දවස්වල ලංකාවේ දේශගුණය පැහැදිලිවම දෙකට බෙදිලා තියෙනවා කියලා තමයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් ලැබෙන නවත්ම තොරතුරු වලින් කියවෙන්නේ.
ලංකාවේ පැති කිහිපයකට වැසි වාර ඇද හැලෙද්දී, තවත් පැති කිහිපයකට සෙල්ලම් නැති වෙන්න තද සුළං හමන්න පටන් අරන් තියෙනවා.
ඔබ සබරගමුව පළාතේ හෝ මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර වගේ දිස්ත්‍රික්කවල ජීවත් වෙන කෙනෙක් නම්, ගෙදරින් එළියට බහිද්දී කුඩයක් අරන් යන්න අමතක කරන්න එපා. මොකද මේ ප්‍රදේශවලට විටින් විට වැසි වාර කිහිපයක් ඇති වෙන්න ලොකු ඉඩකඩක් තියෙනවා.
ඒ වගේම බස්නාහිර සහ වයඹ පළාත්වල ඉන්න අයටත් පොද වැස්සක හෝ සුළු වැස්සක අත්දැකීමක් විඳගන්න ලැබෙයි.
ලංකාවේ සෙසු ප්‍රදේශවල තත්ත්වය මීට වඩා ගොඩක් වෙනස්. ඒ ප්‍රදේශවල පවතින්නේ ප්‍රධාන වශයෙන්ම වියළි කාලගුණික තත්ත්වයක්.
වැස්ස නැතත්, සුළඟින් නම් බේරෙන්න හම්බවෙන්නේ නැහැ. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල වගේම උතුරු-මැද සහ වයඹ පළාත්වල ඉන්න අයට මේ දවස්වල තද සුළඟක අත්දැකීම විඳගන්න පුළුවන්.
ඒ විතරක් නෙවෙයි, මොණරාගල, හම්බන්තොට, ත්‍රිකුණාමලය සහ මන්නාරම දිස්ත්‍රික්කවලටත් පැයට කිලෝමීටර් 40 ත් 50 ත් අතර වේගයකින් විටින් විට තද සුළං හමන්න පුළුවන් කියලා කාලගුණ අංශ අනතුරු අඟවනවා.