මිය යන විට ඇය 88 වැනි වියේ පසුවුණා.
ඉන්දීය මාධ්‍ය වාර්තා කරන පරිදි, ඇය ඊයේ (11) පස්වරුවේ කර්නාටක ප්‍රාන්තයේ මයිසූරු හිදී මෙලෙස අභාවප්‍රාප්ත වූ බව ඇයගේ පවුලේ ආරංචි මාර්ග තහවුරු කර තිබෙනවා.
ඕනෑම පරාසයක (Vocal Range) ගීතයක් ඉතාමත් අපූරුවට සහ සුවිශේෂී ලෙස ගායනා කිරීමට හැකි අසිරිමත් බහුවිධ කටහඬකට හිමිකම් කී ඇය, කිසිදු වයස් සීමාවකට හෝ කාල වකවානුවකට කොටු නොවෙමින් දශක ගණනාවක් පුරා දකුණු ඉන්දීය සිනමාව තනිවම ඒකාලෝක කළ තාරකාවියක්.
දකුණු ඉන්දියාවෙන් බිහිවූ ප්‍රමුඛ පෙළේ සහ අතිදක්ෂ සංගීත අධ්‍යක්ෂවරුන් වන එස්. රාජේෂ්වරා රාඕ, කේ.වී. මහාදේවන්, එම්.එස්. විශ්වනාදන්, පී. දක්ෂිණ මූර්ති මෙන්ම සංගීත ක්ෂේත්‍රයේ දැවැන්තයින් වන ඉලෙයයිරාජා සහ ඒ.ආර්. රහ්මාන් වැනි අතිදක්ෂයින් සියලු දෙනා යටතේම ඇය ගීත ගායනා කරමින් රසික හදවත් අමන්දානන්දයට පත් කළා.
මූලාශ්‍රය - TOI