ඒ, වියට්නාමයේ දකුණුදිග දූපතක් වන ෆූ කුලොක් (Phu Quoc) වෙරළට ඔබ්බෙන් වූ මුහුදේදී සංචාරකයින් පිරිසක් රැගත් බෝට්ටුවක් පෙරළී යාමෙන්. මේ දරුණු අනතුරෙන් ඉන්දීය සංචාරකයින් 15 දෙනෙකුට තමන්ගේ ජීවිත අහිමි වෙලා තියෙනවා.
අද දහවල් (11) සිද්ධ වුණු මේ අනතුරත් එක්කම වහාම ක්‍රියාත්මක වුණු සහන සේවා කණ්ඩායම්, මුහුදේ ගිලෙමින් හිටපු පුද්ගලයින් 21 දෙනෙකුව නිරුපද්‍රිතව බේරාගන්න සමත් වෙලා තියෙනවා.
මාධ්‍ය වාර්තා කරන විදිහට අනතුර වෙන වෙලාවේ මේ බෝට්ටුව ඇතුළේ ඉන්දීය සංචාරකයින් 32ක්, කාර්ය මණ්ඩල සාමාජිකයින් තිදෙනෙක් සහ සහායකයෙක් ඇතුළුව පුද්ගලයින් 36 දෙනෙක් ගමන් කරමින් ඉඳලා තියෙනවා. මේ වෙනකොටත් අනතුරට පත්වුණු අනෙක් අය ගැන සොයා බැලීම් සිදු කෙරෙනවා කියලයි ආරංචි වෙන්නේ.