ඒ, මතුගම ඉද්දගොඩ ප්‍රදේශයේ පිහිටි නිවසක් ඉලක්ක කරගෙන කිසියම් සන්නද්ධ පිරිසක් විසින් සිදුකළ වෙඩි තැබීමක්. පොලිසිය සඳහන් කරන විදිහට මේ වෙඩි තැබීම සඳහා T-56 වර්ගයේ ගිනි අවියක් භාවිතා කරලා තියෙනවා. නිවසට වෙඩි ප්‍රහාර එල්ල කළ සන්නද්ධ කණ්ඩායම මේ වෙනකොටත් ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවයි ආරංචි වෙන්නේ.
කෙසේ වෙතත්, වාසනාවකට වගේ මේ දරුණු වෙඩි තැබීමෙන් කිසිදු පුද්ගලයෙකුට තුවාලයක් හෝ ජීවිත හානියක් සිදුවී නැති බවයි පොලිසිය වැඩිදුරටත් තහවුරු කරන්නේ.
මේ වෙනකොටත් පොලිස් කණ්ඩායම් කිහිපයක්ම සිද්ධිය වුණු ස්ථානයට ගිහින්, වෙඩික්කරුවන් කවුද සහ මේ පිටුපස තියෙන හේතුව මොකක්ද කියන එක සෙවීමට විශේෂ පරීක්ෂණයක් ආරම්භ කරලයි තියෙන්නේ.