ඇයගේ මේ හදිසි සමුගැනීම ගැන කලා ක්ෂේත්‍රයේ වගේම රටේම බොහෝ දෙනෙක් තවමත් ඉන්නේ දැඩි කම්පනයකින්. මේ අතර, ප්‍රවීණ සංගීතවේදී රෝහණ වීරසිංහ මහතාත් මරියසෙල්ගේ සමුගැනීම වෙනුවෙන් තමන්ගේ මුහුණු පොතට ඉතාමත් සංවේදී සටහනක් එකතු කරලා තිබුණා.
රෝහණ වීරසිංහයන් පවසන්නේ ජනප්‍රිය ශෛලියේ ගීත ගායනා කරමින් ක්ෂේත්‍රයට ආපු මරියසෙල්, පස්සේ කාලෙක ඕනෑම සංගීත ශෛලියකට හැඩගැහෙන්න පුළුවන් පුදුමාකාර දක්ෂතාවයක් තිබුණු ශිල්පිනියක් බවයි.
ඔහු තැබූ ඒ සටහන...
"ශ්‍රීලංකේය සංගීත ක්ෂේත්‍රයේ දිදුලන තාරකාවක්වූ මරියසෙල් ගුණතිලක සොයුරියගේ අභාවය පිළිබඳව මගේ බලවත් ශෝකය පලකරනු කැමැත්තෙමි. ජනප්‍රිය ශයිලියේ ගී ගායනයෙන් ක්ෂේත්‍රයට පිවිසුනද පසුකාලීනව වෙනත් ඕනෑම ගායන ශයිලියකට අනුගත වියහැකි කුසලතාවන් තමා සතුබව මනාව සනාථ කළ ඇය , සෙනේශ් බණ්ඩාර දිසානායකයන් අධ්‍යක්ෂණය කළ Heart FM චිත්‍රපටය වෙනුවෙන් මා නිර්මාණය කළ 'හැඟුම් දහරින්' ගීතයට ගායනයෙන් දැක්වූ දායකත්වය අතිශයින් මගේ මතකයේ රැඳී පවතින බව මා සඳහන් කරනුයේ මහත් ගෞරවයෙන්.
ඇය අදහන ධර්මයානුකූලව ඇයට උතුම් ස්වර්ග සැප සම්පත්තිය ලැබේවා! "