ඒ අනුව, මෙවර විශ්වවිද්‍යාලවලට බඳවා ගැනීමට අදාළ වන කඩඉම් ලකුණු ලබන මාසයේ මුල් සතියේදී නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන බවයි UGC එක පවසන්නේ.
මෙවර කැම්පස් යන්න බලාපොරොත්තුවෙන් සිසුන් 92,043 දෙනෙක් අයදුම්පත් යොමු කරලා තියෙනවා. ඒ හැමෝම අතරින් සුදුසුකම් ලබන වාසනාවන්තයින් 42,937 දෙනෙකුට මෙවර විශ්වවිද්‍යාල වරම් හිමිවීමට නියමිතයි....
තවත් විශේෂම ආරංචියක් තමයි, මෙවර සිසුන් වෙනුවෙන් නව උපාධි පාඨමාලා කිහිපයක්ම අලුතින් හඳුන්වා දෙන්නත් සැලසුම් කරලා තියෙනවා. ඒ වගේම එන සප්තැම්බර් මාසයේ ඉඳන් ඒ ඒ විශ්වවිද්‍යාලවල අධ්‍යයන කටයුතුත් කඩිනමින් ආරම්භ කරන්න මේ වෙනකොටත් සියලු කටයුතු සූදානම් කරලයි තියෙන්නේ.
පසුගිය වසරේ පැවැත්වුණු උසස් පෙළ විභාගයෙන් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම් කරන්න සිසුන් 176,527 දෙනෙකු සුදුසුකම් ලබා තිබූ පසුබිමකයි, මෙවර කඩඉම් ලකුණු නිකුත් වීමේ මේ සුවිශේෂී තීරණය අරන් තියෙන්නේ.