හැබැයි හෙට (09) දිනයේදී නම් මේ රස්නේ තවත් දරුණු වෙන බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විශේෂ අනතුරු ඇඟවීමක් නිකුත් කරලා තියෙනවා.
විශේෂයෙන්ම මඩකලපුව, අම්පාර සහ මොනරාගල කියන දිස්ත්‍රික්ක තුනේ ජීවත් වෙන ජනතාවට තමයි මේ දැඩි අවවාදාත්මක නිවේදනය නිකුත් කරලා තියෙන්නේ.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන විදිහට, මේ දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශයන්හි හෙට දිනයේදී මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක පවතිනවා. ගෝලීය ගණිතමය කාලගුණ අනාවැකි ආකෘති දත්ත සහ වායුගෝලීය ආර්ද්‍රතාවය විශ්ලේෂණය කරලයි ඔවුන් මේ බව තහවුරු කරලා තියෙන්නේ.
මේ දැඩි රස්නය නිසා අමාරුවේ නොවැටී ඉන්න නම්, පහත සඳහන් දේවල් ගැන දැඩිව සැලකිලිමත් වෙන්න කියලා සෞඛ්‍ය අංශ සහ කාලගුණ අංශ ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා..
නිතරම වතුර බොන්න
වැඩ බිම් තුළ හෝ එළිමහනේ ඉන්න ජනතාව ප්‍රමාණවත් ලෙස ජලය පානය කළ යුතුයි. හැකි සෑමවිටම සෙවණ ඇති ස්ථානවල විවේක ගන්න.
වැඩිහිටියන් ගැන බලන්න
නිවෙස් තුළ සිටින වැඩිහිටි සහ රෝගී පුද්ගලයින් ගැන මේ දිනවල වෙනදට වඩා දැඩිව සැලකිලිමත් වෙන්න.
ළමයි වාහනවල තියලා යන්න එපා
කිසිම හේතුවක් නිසාවත් කුඩා ළමුන් වාහන තුළ තනියම රඳවා නොයා යුතුයි. මේ අධික රස්නය නිසා එය ජීවිත අවදානමක් ගෙන එන්නක් විය හැකියි.
මහන්සි වෙන වැඩ අඩු කරන්න
එළිමහනේ කරන අධික වෙහෙසකාරී කටයුතු සීමා කරන්න.
ළා පාට ඇඳුම් අඳින්න
විලාසිතා පැත්තකින් තියලා මේ දවස්වලට සුදු හෝ ලා පැහැති, සැහැල්ලු ඇඳුම් භාවිතා කිරීම වඩාත් සුදුසු බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.
ඉතින් මේ පළාත්වල ජීවත් වෙන ඔයාගේ යහළුවන්වයි නෑදෑයින්වයි දැනුවත් කරන්න.