ඒ, අද (08) දහවල් කාලයේදී ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමට අයත් ඔරුගොඩවත්ත හන්දියේදී සිදුවූ බිහිසුණු අනතුරක් හේතුවෙන්.
අවිස්සාවේල්ල දෙස සිට පෑලියගොඩ දෙසට අධික වේගයෙන් ධාවනය වූ බව කියන විශාල කන්ටේනර් රථයක් ඔරුගොඩවත්ත හන්දියෙන් දකුණට හැරවීමේදී පාලනය කරගත නොහැකිව මාර්ගය මැද මෙලෙස පෙරළී ගොස් තිබෙනවා.
මෙම අනතුර නිසා දෙමටගොඩ සිට පෑළියගොඩ දක්වා දිවෙන ප්‍රධාන මාර්ගයේ මංතීරු දෙකක් සම්පූර්ණයෙන්ම අවහිර වී ඇති අතර, මේ වන විට එම ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක් හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.
පවතින අධික වාහන තදබදය පාලනය කිරීම සඳහා ග්‍රෑන්ඩ්පාස් පොලීසිය විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි විශේෂ විකල්ප ධාවන සැලසුමක් හඳුන්වා දී තිබෙනවා.
ඒ අනුව, පෑළියගොඩ දෙස සිට දෙමටගොඩ දක්වා වන මංතීරුව ඔස්සේ දෙපසටම (දෙමටගොඩ සිට පෑළියගොඩට සහ පෑළියගොඩ සිට දෙමටගොඩට) රථවාහන ගමනාගමනය සිදු කිරීමට මේ වන විට කටයුතු යොදා ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරනවා.
පාරේ පෙරළී ඇති කන්ටේනර් රථය ඉවත් කර මාර්ගය යථා තත්ත්වයට පත් කිරීමට මේ වන විටත් කටයුතු කරමින් පවතින බැවින්, හැකි තාක් මෙම මාර්ගය භාවිත කරන රියදුරන් විකල්ප මාර්ග භාවිත කරන ලෙස හෝ දැඩි විමසිල්ලෙන් ධාවනය කරන ලෙස පොලීසිය ඉල්ලා සිටිනවා.