දැනුම අවබෝධය ඇතුළු වාසනාගුණ මතු කරමින්ද රාශි දොළසටම බුධ ආධිත්‍ය, වෙශී, වොෂී, උභයචාරී යෝග බල ද මඟින් කෝටියක් දෝෂ භංගකරවමින් ජූලි 07 කුජ දින පෙරවරු 10.46 ඥානකාරක බුධ, තමන්ට හිමි මිථුන රාශියට ජවබලසම්පන්නව සම්ප්‍රාප්ත වෙනවා. ඉතින් ඔබට මේ ග්‍රහ සම්ප්‍රාප්තිය කෙසේ නම් බලපාවිද..? මේ අන්න ඒ ගැන ඇසෙන විශේෂ ආරංචියයි.
මේෂ රාශිය
ඔබගේ 05, 11 අතරද බොහෝ දුර 12 වැන්නද යන භාවස්ථාන සක්‍රීය කරවමින් බුධ ආධිත්‍ය, මයුර පාරිජාත, වෙශි, වොශී, පාරිජාත යෝග බල බුධ මාරුවෙන් පිහිටා කර ලැබිය හැක. ශාරීරික උෂ්ණත්වය සමෙහි රෝග, මෙන්ම රෝගාබාධක මතුවිය හැක. ශාරීරික සෞඛ්‍යයටද ප්‍රමුඛතාවයද වර්ධනය කෙරෙයි. රෝගාබාධක මතුවිය හැක. ප්‍රවේසම් වන්න.
වෘෂභ රාශිය –
ධනය, දේපල වස්තු තර විය හැකි කාල පරාසයකි. පදිංචිය මෙන්ම රැකියා ආදායම් මාර්ගයන්හිද සියලුම ආකාර ලැබීම්, යටිබඩ වකුගඩු, පපුව, කොන්ද, තුනටිය පාද ආශ්‍රිතව වියරු ස්වභාවයකට පාත්‍ර වෙයි. දෛනික දිවිය පුරාවට චංචල මානසිකත්වයක් බලපෑ හැක. අතීතය ආවර්ජනය කෙරෙමින් සංවේගශීලී බවක්ද මතු කෙරෙයි. ප්‍රාණවත් ජවයක් මානසිකව ළඟා නොවෙයි.
මිථුන රාශිය
බුධ ආධිත්‍යය මෙන්ම වෙශි වොශී උභයචාරී මයුර, පාරිජාත සප්තළත්‍ර යෝග පොකුරකින් මෙන්ම මහා භද්‍ර යෝගයෙන්ද උත්සාහය උනන්දුව දෙගුණ තෙගුණ කෙරෙයි. බාධක අවහිර දුෂ්කරතා කඩින් කඩා මතු කෙරෙයි. රැකියා ආදායම් මාර්ගද දියුණුව ගෙන දෙයි. ප්‍රභූ ජනයාගේ ආශිර්වාද ආකර්ශනය ගෙනදෙයි. ව්‍යාපාර කටයුතු දියුණුව පාත්‍ර කෙරෙයි. දැනුම අවබෝධය ළඟා කෙරෙයි.
කටක රාශිය
ආගම දහමට නැඹුරු වෙයි. ප්‍රභූ ජනයා ඇසුරු කරයි. මයුර, පාරිජාත, බුධ ආධිත්‍ය, වෙශී වොශී උභයචාරී යෝග බලයයි. ආරම්භක කටයුතු සාර්ථක වෙයි. ප්‍රබෝධමත් උසස් ජීවන රටාවකට මඟ සැළසෙයි. දැනුම අවබෝධය මෙන්ම රැකියා මාර්ග සරු කෙරෙයි. කොයිකාගේත් හොඳ හිත ජය ගනියි. ආරම්භක ව්‍යාපාරික කටයුතු සාර්ථකත්වය දක්වා ජය ගනී. මානසිකත්වය යහපත් වෙයි.
සිංහ රාශිය
බුධ ආධිත්‍යය වෙශී වොශී උභයචාරී මයුර ආදී බලැතිව සමාරම්භක කටයුතු නිමාකරලීමෙහි ශක්තිය, ධෛර්යය මානසිකව වර්ණවත්ව ඇත. මේ අනුව බාධක අවහිර දුෂ්කරතා දුරස්ථවීයාමෙහි ප්‍රවණතාවය යෝග බලයෙන් උදව් යෙදී ඇත. පෞඪත්වය, පෞරුෂ්‍යත්වය වඩ වඩා වර්ධනය වෙනුනාවූ ග්‍රහ මාරුවෙකි. ග්‍රහ ශක්තිය අතිශය යහපත් වෙයි.
කන්‍යා රාශිය
පංච මහා පුරුෂ යෝග අතරින් මහාභද්‍රා යෝග බලයද පරිජාත චන්ද්‍රවුඩා, වෙශී වොශී උභයචාරී බුධ ආධිත්‍යය යෝගබලය සංසාරික පින්දහම් මතු කෙරෙමින් භාග්‍යය උදා කෙරෙයි. සිතැඟියාවන් බොහෝ දුරටම ශක්තිමත් කෙරෙයි. දැනුම අවබෝධය විභාග තරග තුරඟ මෙන්ම යාන වාහන දේපල වස්තු සමාරම්භක කටයුතු සතුටුදායකයි.
තුලා රාශිය
බුධ ආධිත්‍ය වෙශී වොශී උභයචාරී චන්ද්‍ර වුඩා බොහෝ දුරට තුළ රාශි හිමියනට සැනසුම සතුට සම්පත ද ළඟා කෙරෙනු ඇත. දෙස් විදෙස් ගමන් බිමන් සතුටුදායක වෙයි. යානවාහන, නිවාස, රැකියා ආදායම් මාර්ග ද දියුණුව සළසයි. අවහිර බාධක ප්‍රමාද දෝෂයන්ද නැතුවාම නොවෙයි. අතිශය ප්‍රශස්ත වර්ණවත් බවකින් සැළසුම් සාර්ථකත්වයටද තුඩු දෙයි.
වෘශ්චික රාශිය
අනාගත සැළසුම් ක්‍රමෝපායන් සියල්ල සාර්තක බවට පාත්‍රවෙයි. යාන වාහන, ව්‍යාපාරික සහ භූමිගත විවිධ ආදායම් තත්ත්වයන් සතුටු කෙරෙයි. සමාරම්භක නවීන විවිධතම සැළසුම් මාර්ග සතුටුදායක වෙයි. ගෘහ ජීවිතය අවුල් සහගතව රැකියා ආදායම් මාර්ග ක්‍රමවත් බවට පැමිණෙයි. බොහෝ දෙනාගේ හිතසුව පිණිස සුබ සාධන ක්ෂේත්‍රයන් ප්‍රාණවත් කෙරෙයි.
ධනු රාශිය
බුධ ආධිත්‍යය වෙශී වොශී උභයචාරී සත්කළත්‍ර යෝග ඇතුළුව පංච මහා පුරුෂ යෝග අතරින් මහාභද්‍ර යෝග බලය ද ආශ්‍රිත බොහෝ දුරට සැනසුම සතුට සහ සම්පතද ළඟා කෙරෙනු ඇත. සමාරම්භක මෙන්ම සිතැඟියාවන් පොකුරක්ම ශුභවාදී වෙන්නෙකි. අන්‍යයන්ගේ ආශිර්වාදය ලබයි. බාධක අවහිර දුෂ්කරතා දුරස්ථ වෙයි. අරමුණු රැසක්ම උදා කෙරෙයි.
මකර රාශිය
නිර්මාණශීලී ව්‍යාපාරික ලොව ජයගනු ලබයි. උත්සාහය උනන්දුව ගෙන දෙයි. සබඳතා සුහදත්වය සාර්ථක බවක් මතු වෙයි. සමාරම්භක කාර්යයන් දියුණු වෙයි. බොහෝ දුරට සිතැඟියාවන් ඉටුවෙයි. අවහිර දුෂ්කරතා දුරු කෙරෙයි. යෝග බලැතිව පවුලේ දියුණුව දෙගුණ තෙගුණ කෙරෙයි. සුබ සාධන ක්‍රමෝපායන් දියුණු වෙයි.
කුම්භ රාශිය
අරමුණු සඵලවීමෙහි අවහිර බාධක මෙන්ම මන්දගාමී ප්‍රමාද දෝෂ යෙදෙයි. කාර්යයන් බහුල කෙරෙයි. කාල සර්පශපදෝෂයන් සමඟ ග්‍රහ විෂමතාද වර්තමාන බලපෑමයි. දූ දරුවන් ආශ්‍රිතව සහනය ගෙන දෙයි. සෙනසුරු ජම්ම රාශි ඒරාෂ්ඨක මාරකයි. පුණ්‍යය දහම් කටයුතු කරලීමෙන් සැනසුම සතුට ගෙනදෙයි. බාධක මාරක සියල්ල දුරු වෙයි. අභිමතාර්ථ සඵල වෙයි.
මීන රාශිය
ජම්ම රාශි ඒරාෂ්ඨකය කාල සර්ප ශාපදෝෂය සමඟ හිතවාදීව බුධ ආධිත්‍යය යෝගය බ්‍රහස්පති උච්චය. මයුර පංචමහා පුරුෂයෝග අතරින් මහා භද්‍රයෝගයද වෙශී වොශී උභයචාරී සත්කලත්‍ර චන්ද්‍රවුඩා යෝගයද බුධ මිථුන රාශි ගතවීමෙන් ශුභවාදී වෙන්නෙකි. අරමුණු රැසක්ම උත්සාහය උනන්දුව සංසාරික පින්දහම් මත ශුභවාදී වෙයි.
සුබසෙත පුවත්පත ඇසුරෙන්..