Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jun
30
පවුලේ අයටත් හොරෙන් රැජිණියේ ෂූටිං පටන් අරන්! සමනලී ෆොන්සේකාගෙන් දැඩි ප්‍රහාරයක්...

- පවුලේ අයටත් හොරෙන් රැජිණියේ ෂූටිං පටන් අරන්! සමනලී ෆොන්සේකාගෙන් දැඩි ප්‍රහාරයක්...Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

210 Views

හෙළ සිනමාවේ නිළි රැජිණ, අභාවප්‍රාප්ත මාලිනී ෆොන්සේකා මහත්මියගේ ජීවිත කතාව අලලා හැදෙන 'රැජිණියේ' සිනමාපටය ගැන මේ දවස්වල හැමතැනම කතාවෙනවනේ


හැබැයි මේ චිත්‍රපටයේ තිරය පිටිපස්සේ හැංගිලා තියෙන ලොකුම අර්බුදයක් ගැන මාලිනී ෆොන්සේකාගේ ආදරණීය ලේලිය වන ජනප්‍රිය රංගන ශිල්පිනී සමනලී ෆොන්සේකා අද මාධ්‍යයට ලොකු හෙළිදරව්වක් කළා.

සමනලී කියන විදියට, පවුලේ කාටවත්ම හරියට නොකියා, අඩුම තරමේ තිරපිටපතවත් (Script) පවුලේ අයට පෙන්නන්නේ නැතුව මේ අය අද ඉඳන් අත්තනෝමතික විදියට 'රැජිණියේ' රූගත කිරීම් පටන් අරන්ලු!

මේ ආන්දෝලනාත්මක සිනමාපටයේ නිෂ්පාදකවරයා විදියට කටයුතු කරන්නේ ප්‍රවීණ ව්‍යාපාරික ජයන්ත ධර්මදාස මහත්මයා. මාලිනී ෆොන්සේකා අසනීප වෙලා හිටපු කාලේ ඔහු කරපු උදව් පවුලේ අය අමතක කරලා නැති වුණත්, වෘත්තීමය නිර්මාණයක් කරද්දී ඊට වඩා විනිවිදභාවයක් පවුලේ අය බලාපොරොත්තු වෙලා තියෙනවා.

ලොකු නැන්දා ගැන ෆිල්ම් එකක් කරනවා කියලා සමනලීට මුලින්ම ආරංචි වෙලා තියෙන්නේ වෙනත් හිතවතෙක්ගෙන්. පවුලේ අයට කිසිම නිල දැනුම්දීමක් කරලා නෑ.

පෙබරවාරි මාසේදී දමයන්ති ෆොන්සේකා (සමනලීගේ නැන්දා) ජයන්ත ධර්මදාස මහත්තයාව හම්බවෙලා අහද්දී "මේක තාම සාකච්ඡා මට්ටමේ තියෙන්නේ" කියපු අය, අප්‍රේල් 2 වැනිදා පවුලේ කිසිම කෙනෙක්ට ආරාධනා කරන්නේ නැතුව 'රැජිණියේ' නිල වශයෙන් ජනගත කරලා! පවුලේ අයත් ඒක දැකලා තියෙන්නේ ෆේස්බුක් එකෙන්.

මෙහි පිටපත් රචක සුනෙත් මාලිංග, ෆෝන් එකෙන් සමනලීට ස්ක්‍රිප්ට් එක විස්තර කරන්න හැදුවත්, පවුලේ අය එක්ක නිල සාකච්ඡාවක් ඕනේ කියලා ඇය ඒක ප්‍රතික්ෂේප කරලා තියෙනවා.

කොහොම හරි පවුලේ අය දිගින් දිගටම ලිඛිත තිරපිටපත ඉල්ලපු නිසා, මැයි 2 වැනිදා සුනෙත් මාලිංග, දමයන්ති ෆොන්සේකා මහත්මියව හමුවෙලා (ජයන්ත ධර්මදාස මහතා දුරකථනයෙන් සම්බන්ධ වෙලා) මැයි 20ට කලින් ස්ක්‍රිප්ට් එක පවුලේ අයට දෙනවා කියලා පොරොන්දු වෙලා තියෙනවා.

හැබැයි අද වෙනකම් ඒ පොරොන්දු වුණු තිරපිටපත ෆොන්සේකා පවුලේ කාටවත්ම ලැබිලා නෑ. ඒ විතරක් නෙවෙයි, දමයන්ති ෆොන්සේකා යවපු ලියාපදිංචි තැපැල් ලියුම් දෙකකටවත්, WhatsApp මැසේජ්වලටවත් මේ වෙනකම් කිසිම ප්‍රතිචාරයක් දක්වලා නෑලු!

"මේක සදාචාර විරෝධී, වංචනික ක්‍රියාවක්!" සමනලීගෙන් සැර ප්‍රහාරයක්
මේ ඔක්කොම පොරොන්දු කඩ කරලා, අද දවසේ රූගත කිරීම් පටන් ගැනීම ගැන සමනලී ෆොන්සේකා පවුලේ සාමාජිකයන් වෙනුවෙන් දැඩි සේ විවේචනය කරලා තියෙන්නේ මෙහෙමයි..

"මාලිනී ෆොන්සේකා යන නාමය ප්‍රචාරණ කටයුතු සඳහා බාල ලෙස භාවිත කරමින්, 'රැජිණියේ' චිත්‍රපටයේ රූගත කිරීම් අද දින අත්තනෝමතික ලෙස ආරම්භ කර ඇත. තම මුළු ජීවිත කාලයම සිනමා කලාව වෙනුවෙන්ම කැප කළ ශ්‍රේෂ්ඨ කලාකාරිනියකගේ ජීවිතය... මෙලෙස සුළු පිරිසකගේ පටු උන්නතිය උදෙසාත්, වාණිජ පරමාර්ථ උදෙසාත් අවභාවිත කිරීම සමස්ත කලා ක්ෂේත්‍රයේම ආචාර ධර්මයන්ට පටහැනි බව මම වගකීමෙන් ප්‍රකාශ කර සිටිමි."

තිරපිටපතේ මොනවා තියෙනවද කියලා පවුලේ අයටවත් බලන්න නොදී, මෙහෙම හදිසියේම ෂූටිං පටන් ගත්තේ ඇයි කියලා දැන් කාටත් ලොකු ප්‍රශ්නයක්. ඉස්සරහට මේ ප්‍රශ්නය කොතනින් කෙළවර වෙයිද කියලා අපි බලන් ඉමු!


 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top