ඉතින් මේ ඩෙංගු මදුරුවන්ට එරෙහිව සටන් කරන්න සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය අලුත්ම වැඩක් පටන් අරන්. ඒ තමයි ඩෙංගු රෝග ව්‍යාප්තිය ගැන තොරතුරු සහ පැමිණිලි ඉක්මනින්ම යොමු කරන්න අලුතින්ම "ඩෙංගු මෙහෙයුම් මැදිරියක්" පිහිටුවලා තියෙන එක.
තමන්ගේ වටපිටාවේ ඩෙංගු අවදානමක් තියෙනවා නම් හරි, ඩෙංගු පාලනය ගැන තොරතුරු දැනගන්න ඕනේ නම් හරි දැන් ලේසියෙන්ම කෝල් එකක් දෙන්න පුළුවන්. ඒකට හඳුන්වා දීපු විශේෂ දුරකථන අංකය තමයි මේ.
විශේෂ දුරකතන අංකය: 011 - 7966366
මේ අංකයට කතා කරලා ඩෙංගු රෝග ව්‍යාප්තියට අදාළ තොරතුරු, පැමිණිලි වගේම අවශ්‍ය ඕනෑම දැනුවත් කිරීමක් ලබාගන්න කියලා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මහජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කරනවා.
හැබැයි ඉතින් ආණ්ඩුවෙන් මෙහෙයුම් මැදිරි හැදුවට විතරක් මදි, මේ ඩෙංගු වසංගතය පාලනය කරන්න නම් මහජනතාවගේ සහභාගීත්වය අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා කියලා අමාත්‍යාංශය පෙන්වා දෙනවා. ඒ නිසා මේ අලුත් සේවාව ගැන හැමෝම දැනුවත් කරන්න කියලා මාධ්‍ය ආයතනවලිනුත් අමාත්‍යාංශය ඉල්ලලා තියෙනවා.
ඉතින් ඔයාලත් මේ නම්බර් එක ෆෝන් එකේ සේව් කරගෙන, වටපිටාවේ මදුරුවෝ බෝවෙන තැන් තියෙනවා නම් අදම දැනුවත් කරන්න.