ඔහුව අද දිනයේ නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, රුපියල් ලක්ෂ 05ක ශරීර ඇපයක් මත මුදා හැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ...
ඇප ලබාදීමට අමතරව අධිකරණය විසින් තවත් විශේෂ නියෝගයක් නිකුත් කර තිබෙනවා. ඒ, මෙම පහරදීමේ සිද්ධිය සමථ මණ්ඩලයට යොමු කර, ඒ පිළිබඳ වාර්තාවක් නැවත අධිකරණය කැඳවන ලෙසයි.
අද දින නඩුව කැඳවූ අවස්ථාවේදී මහරගම පොලිසිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ, මෙම ව්‍යාපාරිකයා මහරගම පිහිටි සිය ආයතනය තුළදීම සේවකයාට පහරදීම සිදුකරන වීඩියෝව සමාජ මාධ්‍ය ඔස්සේ ලැව්ගින්නක් සේ පැතිර ගිය බවයි. එමගින් මුළු මහත් සමාජය තුළම දැඩි කැළඹීමක් සහ කෝපයක් ඇති වූ බවද පොලිසිය විනිසුරුවරයාට පෙන්වා දුන්නා.
පහර කෑමට ලක්වූ සේවකයා විසින් පොලිසියට නිල වශයෙන් කරන ලද පැමිණිල්ලකට අනුව විමර්ශන දැඩි වෙද්දී, සැකකාර ව්‍යාපාරිකයා අද උදෑසන නීතිඥවරුන් දෙදෙනෙකුද පිරිවරාගෙන පොලිසියට භාර වීමට පැමිණ තිබුණා.