ඔහු ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක්. ඒ විතරක් නෙවෙයි, ඔහුට මේ මොහොතේ මුහුණ දෙන්නට සිදුවුණේ තවත් එක් අනපේක්ෂිත සිදුවීමකට.
කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයක පවත්වන ලද විවාහ මංගල්‍යයකට සහභාගී වී කුලී රථයකින් සිය නිවෙසට පැමිණි ව්‍යාපාරිකයකු පැළඳ සිටි රුපියල් ලක්ෂ 102 ක් පමණ වටිනා රන් අත්පළඳනාව සොරා ගත් එම කුලී රථ රියැදුරා වත්තල පොලිසිය මගින් පසුගිය සති අන්තයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ සමගම මොහු විසින් සොරකම් කරන ලද එම රන් අත් පළඳනාව ඔහුගේ මීගමුව ප්‍රදේශයේ පිහිටි නිවසේ තිබි සොයා ගෙන ඇති අතර, ඉකුත් 17 වැනිදා පස්වරු 6.00ට පමණ වත්තල, හේකිත්ත ප්‍රදේශයේ නිවසේ සිට එම ව්‍යාපාරිකයා සිය බිරිඳ හා දරුවන් සමග කුලී රථයකින් කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයක පවත්වන ලද විවාහ මංගල්‍යයකට ගොස් තිබුණා.
ව්‍යාපාරිකයා විසින් සිය බිරිඳ හා දරුවන් වෙනත් වාහනයකින් නිවසට පිටත් කර එවා ව්‍යාපාරිකයා නැවතී සාදයට එක්වී ඇති අතර එය පසුදින (18 වැනිදා) අලුයම 1.30 ට පමණ අවසන් වීමෙන් පසුව කුලී රථයක් මගින් නිවසට පැමිණ තිබෙනවා.
මේ අවස්ථාවේ ව්‍යාපාරිකයා වෙරිමතින් සිටි නිසා රියැදුරු විසින් ඔහුගේ නිවෙස අසලදී එම රන් අත් පළඳනාව ගලවා ගෙන ඇතැයි වාර්තා වෙනවා.
වෙරිමතින් පැමිණි ව්‍යාපාරිකයා නින්දට ගොස් සවස 3.30ට පමණ අවදි වී බලන විට අත්පළඳනාව නැති බවට දැන ගැනීමට ලැබීමෙන් පසුව පොලිසියට පැමිණිලි කර තිබුණා.
අත්අඩංගුවට ගත් රියැදුරා විසි හැවිරිදි තරුණයකු වන අතර ඔහු වත්තල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබූ බවයි වාර්තා වෙන්නේ..