ඉතින් මේ විශේෂ දවසේදී ඔහුව පුදුම කරවමින්, කාගේත් නෙත් සිත් ඇදගත්තු අපූරු උපන් දින සුබපැතුමක් එකතු කරන්න හැඩකාර සිනමා රංගන ශිල්පිනී ත්‍රිෂා ක්‍රිෂ්ණන් අමතක කරලා තිබුණේ නැහැ.
ඇය තමන්ගේ නිල සමාජ මාධ්‍ය ගිණුමට එකතු කරපු සුවිශේෂී පින්තූරයක් සහ එහි සටහන් කරපු වදන් පෙළක් නිසා මේ වෙනකොට මුළු ඉන්දියාවම වගේම ලංකාවෙත් රසිකයන් අතර ලොකු කතාබහක් නිර්මාණය වෙලා තියෙනවා.
ත්‍රිෂා විසින් මුදාහල ඒ විශේෂ පින්තූරයේ ඇය සහ විජයි එකට සිටින අතර, ඔවුන් ඉදිරියේ ලස්සන උපන් දින කේක් ගෙඩියක්ද දකින්න ලැබෙනවා. හැබැයි රසිකයන්ගේ වැඩිම අවධානය දිනාගත්තේ ඇය ඒ පින්තූරයට තබලා තිබුණු අපූරු සටහනයි.
"හැමදේම වටිනා එකක් බවට පත් කරන ඒ අපූරු මිනිසාට... සුබ උපන්දිනයක් වේවා!
(To the person who makes it all worth it, HBD 00.00)
මේ පෝස්ට් එකත් එක්කම විජයි සහ ත්‍රිෂාගේ රසිකයන් එක එක විදිහේ අනුමාන කිරීම් සහ අදහස් පළ කරන්න පටන් අරන් තියෙනවා. විශේෂයෙන්ම ඇය යොදලා තියෙන "00.00" කියන අද්භූත අංකය සහ ලියලා තියෙන ආදරණීය වදන් පෙළ පිටුපස රහසක් තියෙනවා කියලයි බොහෝ දෙනා සැක කරන්නේ.
කොහොම වුණත්, මේ පින්තූරය අන්තර්ජාලයට නිකුත් වුණු සැනින් ඉතාමත් වේගයෙන් ලැව්ගින්නක් වගේ Viral වෙමින් පවතිනවා. තිරය පිටුපස තියෙන ඒ සැබෑ රහස මොකක්ද කියලා දැනගන්න රසිකයෝ නම් ඉන්නේ නොඉවසිල්ලෙන්...