ඒ, ලෝක ප්‍රසිද්ධ ජනප්‍රවාදගත වීරයෙකු වන රොබින් හූඩ් (Robin Hood) හට සහ ඔහුගේ සගයන්ට සෙවන දුන්, ලොව පුරා මිලියන සංඛ්‍යාත ප්‍රේක්ෂක-සංචාරක ආකර්ෂණයක් දිනාගත් "Major Oak" නම් අතිවිශාල පුරාණ ඕක් වෘක්ෂය නිල වශයෙන් මියගොස් ඇති බවයි.
බ්‍රිතාන්‍යයේ නොටින්හැම්ෂයර්හි සුන්දර ෂර්වුඩ් වනයේ පිහිටි මෙම ගස වසර 1,200ක් පමණ පැරණි බවටයි සැලකෙන්නේ. එය බ්‍රිතාන්‍යයේ තිබූ වඩාත්ම ප්‍රසිද්ධ සහ විශාලතම ඕක් ගස්වලින් එකක් ලෙස ඉතිහාසගතව තිබුණා. ජනප්‍රවාදයන්ට අනුව රොබින් හූඩ් සහ ඔහුගේ කණ්ඩායම සතුරන්ගෙන් බේරීම සඳහා සැඟවී සිට ඇත්තේ මෙම දැවැන්ත ගස අවට සහ එහි ඇති විශාල කඳ තුළයි.
ලොව පුරා මිලියන ගණනක් සංචාරකයන් ආකර්ෂණය කළ මෙම අමිල ස්වභාවික සංකේතය රැක ගැනීම සඳහා එරට බලධාරීන් වසර ගණනාවක් තිස්සේ විවිධ සංරක්ෂණ උපක්‍රම භාවිත කරමින් දැඩි උත්සාහයක නිරත වුණා. නමුත් පසුගිය කාලයේ මෙහි සෞඛ්‍ය තත්ත්වය ක්‍රමයෙන් පිරිහෙන්නට පටන් ගෙන තිබූ බවයි එරටින් ලැබෙන වාර්තා සඳහන් කරන්නේ.
අවාසනාවකට මෙන්, මෙම වසරේ වසන්ත සමයේදී ඉතිහාසයේ පළමු වතාවට මෙම ගසේ කිසිදු කොළයක් හටගෙන නැහැ. ඒ අනුව පරීක්ෂණ පැවැත්වූ විද්‍යාඥයන් විසින් මෙම මහා වෘක්ෂය මේ වන විට මියගොස් ඇති බව නිල වශයෙන් තහවුරු කර තිබෙනවා.
විශේෂඥයන් පවසන පරිදි, වසර ගණනාවක් පුරා මෙම ගස බේරා ගැනීමට සිදුකළ විවිධ ව්‍යුහාත්මක මැදිහත්වීම් සහ ගස අවට වන්දනාකරුවන් මෙන් පැමිණි සංචාරකයින් නිසා සිදුවූ දැඩි මානව ක්‍රියාකාරකම් මෙම මහා වෘක්ෂයේ අකල් අවසානයට සෘජුවම බලපා තිබෙනවා.
රොබින් හූඩ් ජනප්‍රවාදයේ ජීවමාන සාක්ෂියක් ලෙස ශතවර්ෂ ගණනාවක් පුරා අභිමානයෙන් නැගී සිටි "Major Oak" වෘක්ෂය, දැන් ඉතිහාසයට පමණක් සීමා වූ තවත් අමතක නොවන ස්වභාවික උරුමයක් වී අවසන්.