ඒ අනුව අද දවසේ ගනුදෙනු අවසාන වන විට දර්ශකය සටහන්ව තිබුණේ 22,436.14 ක් වැනි ඉහළ අගයකයි.
වඩාත්ම විශේෂම කරුණ වෙන්නේ අද දවසේ වාර්තා වුණු දැවැන්ත පිරිවැටුමයි. කොටස් වෙළෙඳපොළ ආරංචි මාර්ග පවසන පරිදි අද දින සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 3.1 ක් ලෙසයි සටහන් වී තිබෙන්නේ.
ආයෝජකයින් අතර බලාපොරොත්තු තවත් ඉහළ නංවමින් සිදුවූ මේ අපූරු වර්ධනයත් සමඟ ඉදිරි දිනවලදී කොටස් වෙළෙඳපොළ තවත් උණුසුම් වනු ඇති බවයි ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් අනුමාන කරන්නේ.