පූනෑව, මහකුඹුගොල්ලෑව වාරක්කෑව හන්දියේදී අද (18) උදෑසන සිදුවුණු බිහිසුණු රිය අනතුරක් සිදුව තිබුණා.
ධාවනය වෙමින් තිබූ යතුරුපැදියක පිටුපසින් පැමිණි ලංගම බස් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර, එහිදී යතුරුපැදියේ ගමන් ගත් කාන්තාව එම බස් රථයටම යටවීමෙන් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වුණේ කිසිවෙකුත් නොසිතූ නිමේෂයකයි.
ඇය නමින් චම්පා ශ්‍රියානි. ඇය මිය යන විට 56වැනි වියේ පසුවුණා.
ජීවිතක්ෂයට පත්වූ මේ කාන්තාව මහකුඹුගොල්ලෑව, පූනෑව ලිපිනයේ පදිංචිව සිටි, පහල ගල්කන්දේගම විදුහලේ නියෝජ්‍ය විදුහල්පතිනිය ලෙස කටයුතු කර තිබුණා.