කරන්න කිසිම දෙයක් නැහැ කියලා අත්හැරලා දාන්නේ නැතුව, තමන්ගේම මහන්සියෙන් සහ උත්සාහයෙන් ජීවිතය දිනන්න පුළුවන් කියන දේ මේ තරුණයා ක්‍රියාවෙන්ම ඔප්පු කරලා පෙන්වා දී තිබෙනවා.
බොහෝ දෙනෙක් සාම්ප්‍රදායික ක්‍රමවලට වගා කරලා අසාර්ථක වෙද්දී, මේ තරුණයා තමන්ගේ වගාව සඳහා නවීන තාක්ෂණික ක්‍රමවේදයන් තාමත් සාර්ථකව යොදාගෙන තිබෙනවා. ඔහු සිය උපරිම කැපවීමෙන් යුතුව කරගෙන ගිය මෙම සාර්ථක මිරිස් වගාව දකින කාගේත් නෙත් සිත් ඇදගන්නා සුළුයි.
මේ තරුණයාගේ මහන්සිය අපතේ ගොස් නැහැ. තමන් වගා කළ මිරිස් වගාවෙන් ඉතාමත් සාර්ථක ඉහළ අස්වැන්නක් ලබා ගැනීමට ඔහු සමත්වී තිබෙනවා. වඩාත්ම පුදුමයට කරුණ නම්, එම අස්වැන්න අලෙවි කිරීමෙන් ඔහු රුපියල් ලක්ෂ 17 ක පමණ දැවැන්ත මුදලක් උපයා ගැනීමට සමත්ව තිබීමයි...
තාරුණ්‍යයේ ජවය නිවැරදි දේකට යොදවලා, තමන් විතරක් නෙමෙයි රටේ ආර්ථිකයටත් ලොකු ශක්තියක් වුණු මෙවන් දිරිමත් තරුණයන් අපේ රටට සම්පතක්...