ලංකාවේ විතරක් නෙවෙයි, මුළු ලෝකෙම තත්ත්වය ඕකයි. හැබැයි මේ තත්ත්වයට තිත තියන්න බ්‍රිතාන්‍ය අගමැති කීර් ස්ටාමර් (Keir Starmer) දැඩි තීරණයක් අරගෙන තියෙනවා කියලා මේ වෙද්දී විදෙස් මාධ්‍ය වාර්තා කරමින් පවතිනවා.
ඒ තමයි බ්‍රිතාන්‍යයේ වයස අවුරුදු 16ට අඩු කිසිම දරුවෙකුට සමාජ මාධ්‍ය භාවිතය සම්පූර්ණයෙන්ම තහනම් කිරීම!
මේ වගේ තද නීතියක් ගේන්න අගමැතිවරයාට හිතුණේ ඇයි කියලා බොහෝ දෙනෙක් ප්‍රශ්න කරනවා. හැබැයි අගමැති කීර් ස්ටාමර් කියන්නේ නම් මේක නිකම්ම කටට ආවට ගත්තු තීරණයක් නෙවෙයි කියලයි.
සමාජ මාධ්‍ය හරහා මේ වෙද්දී ළමයින්ගේ මානසිකත්වයට වෙන බලපෑම ගැන ලොකු කතාබහක් ලෝකේ පුරාම තියෙනවා. ඒ නිසා මේ තහනම ගෙනාවේ ගොඩක් හිතලා බලලා කියලයි ඔහු පවසන්නේ.
සමාජ මාධ්‍යවලින් තරුණ පරපුරට යම් යම් වාසි සහ ප්‍රතිලාභ ලැබෙන බව අගමැතිවරයා පිළිගන්නවා. හැබැයි ඒ මොනවා තිබුණත්, දරුවන්ගේ අනාගතය වෙනුවෙන් තමන් ගත්තු මේ තීරණය "නිවැරදිම තේරීම" බව ඔහු දැඩි විශ්වාසයකින් යුතුව ප්‍රකාශ කරලා තියෙනවා.
මේ නීතියත් එක්ක බ්‍රිතාන්‍යයේ ඉන්න වයස 16ට අඩු පොඩිත්තන්ට මින් ඉදිරියට TikTok, Facebook, Instagram වගේ ඇප්ස් පාවිච්චි කරන්න ලොකු බාධාවක් එන බව නම් ෂුවර්.
බ්‍රිතාන්‍යය වගේ බලවත් රටක් මේ වගේ තද තීරණයක් ගත්තු එකත් එක්ක, ලෝකයේ අනිත් රටවලුත් ළමයින්ගේ සමාජ මාධ්‍ය භාවිතය ගැන මේ විදියේ දැඩි නීති ගෙනෙයිද කියලා දැන් මුළු ලෝකෙම ඇහැ ගහගෙනයි ඉන්නේ. බ්‍රිතාන්‍ය අගමැතිගේ මේ වැඩේට ලෝකේ වටෙන්ම ලොකු සහයෝගයකුත් ලැබෙමින් පවතිනවා!