එම නිවේදනයේ දැක්වෙන්නේ ලබන අගෝස්තු මස 7 වැනිදා දක්වා උසස් පෙළ සිසුන් වෙනුවෙන් පාසල් පවත්වන දින ගණන පිළිබඳවයි.
අධ්‍යාපන අමාත්‍යාංශය සියලුම පළාත් පාලන ලේකම්වරුන්, පළාත් අධ්‍යාපන ලේකම්වරුන් ඇතුළු අධ්‍යාපන බලධාරීන්ට දැනුම් දී ඇත්තේ අගෝස්තු 7 වැනිදා වන විට උසස් පෙළ විභාගයට නියමිත සියලුම විෂය නිර්දේශ සම්පූර්ණයෙන් ආවරණය කර සිසුන්ව විභාගය සඳහා සූදානම් කරන ලෙසයි.
යම් හෙයකින් කිසියම් පාසලක විෂය නිර්දේශ ආවරණය කිරීමේ ප්‍රමාදයක් පවතින්නේ නම්, ඒ සඳහා පූර්ව සැලැස්මක් සකස් කර ගන්නා ලෙසත්, අමතර කාලයක් (Extra Classes) යොදාගෙන හෝ කෙසේ හෝ විෂය නිර්දේශ ආවරණය කිරීමට පියවර ගන්නා ලෙසත් එහි අවධාරණය කර තිබෙනවා.
පසුගිය කාල වකවානුවේ රටේ පැවති අයහපත් ආපදා තත්ත්වය සහ බදාදා දිනයන් නිවාඩු දින ලෙස ප්‍රකාශයට පත් කිරීම හේතුවෙන් උසස් පෙළ සිසුන්ට වටිනා පාසල් දින 15 ක කාලයක් අහිමි වී ගොස් ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ.
ඒ අනුව එම අහිමි වූ කාලයද ආවරණය වන පරිදි කඩිනමින් වැඩකටයුතු නිම කිරීමට සියලුම විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් කටයුතු කරනු ඇතැයි බලධාරීන් බලාපොරොත්තු වෙනවා.