අවුරුදු 18 ක පරතරයක් සහිත ඡායාරූප දෙකක්... ජීවිතය කෙතරම් ලස්සනට එකම රවුමකට කැරකෙනවාද යන්නට මෙය අතිශය සුන්දර නිදසුනක්.
සමහර ඡායාරූපවලින් සටහන් වන්නේ එක්තරා එක් මොහොතක් පමණක් නොවේ, ඒ අපූරු ඡායාරූපය පිටුපස මුළු ජීවිත කාලයකටම සෑහෙන ආදරණීය මතකයන් සහ නොබිඳෙන බැඳීම් රැසක් සැඟවී තිබෙනවා.
2006 වසරේදී, ටෙක්සාස්හි හැන්ට්ස්විල් (Huntsville) උසස් පාසලෙන් උපාධිය ලබාගත් තරුණ පියෙකු, තම මාස කිහිපයක් වයසැති Tori නම් පුංචි දියණිය වඩාගෙන සිටියේ ඉතාම ආඩම්බරයෙන්. එය ඔහුගේ අනාගතයට ඉතාම සුබ සහ බලාපොරොත්තු සහගත ඇරඹුමක් වුණා.
කාලය වේගයෙන් පියඹා ගොස් 2024 වසර උදා වුණා. එදා සිටි ඒ පුංචි දියණිය අද 19 හැවිරිදි පිරිපූර්ණ යොවුන් දියණියක්. එදා වගේම අදත් උපාධි ලෝගුවෙන් සැරසුණු ඇය, නැවතත් සිය ආදරණීය පියාගේ තුරුලේ හිඳිමින් මුළු ලෝකයේම අවධානය දිනාගත්තා.
සංසන්දනාත්මක ඡායාරූප දෙක අන්තර්ජාලයට එක්වීමත් සමඟම දහස් සංඛ්යාත පිරිසකගේ හදවත් ආදරයෙන් අලංකාර කරමින් ක්ෂණිකව ජනප්රිය වුණා. ටෝරි සිය ඡායාරූපය අන්තර්ජාලයට එක් කළේ "අවුරුදු 18 කට පසුව" යන සරල වචන කිහිපය පමණක් සටහන් කරමින්.
"මම ජීවත් වන්නේ කුඩා නගරයක, මෙවැනි දෙයක් එහි කිසි දිනක සිදුවී නැහැ," ඇය පවසනවා. "මේ ඡායාරූපය මෙතරම් ජනප්රිය වෙයි කියා මම කිසිසේත්ම බලාපොරොත්තු වුණේ නැහැ."
සිය පියා ගැන පිරිස විමසන්නට වූ විට, ඇය පැවසුවේ ඇගේ පියාට දැන් වයස අවුරුදු 37 ක් වන අතර ඔහු සතුටින් පවුල් ජීවිතයක් ගතකරන බවයි.
"මේ සිදුවීම මාවත් මගේ තාත්තාවත් එකිනෙකාට තවත් ළං කළා," ඇය පවසන්නේ හද පිරි සතුටින්. "මොකද අපිට ඒ සොඳුරු මොහොත එකට විඳගන්න ලැබුණා. මෙවැනි වාසනාවක් ලැබෙන්නේ ඉතාම කලාතුරකින්."