උතුරු බෙල්ෆාස්ට් හි කින්නයාර්ඩ් මාවතේ (Kinnaird Avenue) සිදුවූ පිහි ඇනුම් සිද්ධියක් මුල් කරගනිමින් මුළු නගරය පුරාම දැවැන්ත නොසන්සුන්තාවක් සහ ප්‍රචණ්ඩකාරී වාතාවරණයක් හටගෙන තිබුණා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි, මෙම ප්‍රචණ්ඩ ක්‍රියාවලදී පුද්ගලයන්ගේ සමේ වර්ණය (Skin color) සහ ජාතිකත්වය මුල් කරගනිමින් දේශීය පදිංචිකරුවන් සහ විදේශිකයන් ඉලක්ක කර ප්‍රහාර එල්ල වෙමින් පවතින බවයි.
අදාළ සිදුවීමත් සමඟ කෝපයට පත් දහස් සංඛ්‍යාත ජනතාවක් නගරයේ වීදිවලට බැස විරෝධතාවල නිරත වී ඇති අතර, පාලනයකින් තොරව හැසිරෙන පිරිස් වීදි පුරා ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙමින්, නිවාස සහ වාහන ගිනිබත් කරමින් දැඩි අලාභහානි සිදු කරමින් සිටින බව වාර්තා වෙනවා.
කෙසේ වෙතත්, තත්ත්වය පාලනය කිරීම සඳහා හදිසි මුදාගැනීමේ සේවා සහ ආරක්ෂක අංශ කැඳවීමට බලධාරීන්ට කටයුතු කර ඇති බවයි වාර්තා වෙන්නේ.
#HiruGossip #HiruTV #Hiru #HiruDigital