තෙල්දෙණිය මූලික රෝහල ආසන්නයේ පිහිටි රථගාලක නවතා තිබූ මෝටර් රථයක් තුළ තිබී අභිරහස් ලෙස මියගොස් සිටි කාන්තාවකගේ මළසිරුරක් සොයාගෙන තිබෙනවා.
රථගාලේ නවතා තිබූ මෙම මෝටර් රථය තුළ අදාළ කාන්තාව අත්භූත ලෙස නිසලව සිටින අයුරු මුලින්ම දැක ඇත්තේ ප්‍රදේශවාසීන් විසින්. එහිදී ඇතිවූ සැකය මත ඔවුන් වහාම ක්‍රියාත්මක වී මේ පිළිබඳව තෙල්දෙණිය පොලිස් ස්ථානය දැනුවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.
තොරතුර ලැබුණු සැනින් ක්‍රියාත්මක වූ තෙල්දෙණිය පොලිස් ස්ථානයේ විශේෂ පොලිස් කණ්ඩායමක් සිද්ධිය වූ ස්ථානයට පැමිණ ඇති අතර, දේහය පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණය සහ මූලික විමර්ශන කටයුතු මේ වන විටත් ඉතාමත් කඩිනමින් ආරම්භ කර තිබෙනවා.
මෙම කාන්තාව කවුද? ඇය මියගියේ කෙසේද? මෙය ඝාතනයක්ද නැතහොත් වෙනත් හේතුවක්ද යන්න පිළිබඳව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, තෙල්දෙණිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණ පවත්වාගෙන යනු ලබනවා.