ක්ෂේත්‍රය තුළ තමන්ගේ අනන්‍යතාවය රැකගනිමින්, දක්ෂතාවයෙන් වගේම රූපයෙන් ද ප්‍රේක්ෂක හදවත් අද්දර රැඳී සිටින ජනප්‍රිය ඇය ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. හැමතිස්සෙම වෙනස්ම විදියේ ෆොටෝෂූට් සහ වීඩියෝස් වලින් රසිකයින්ව පුදුම කරවන උදාරී, මෙන්න මේ පාර මුළු සෝෂල් මීඩියාවම එකම ආලෝකයක් කරලා තියෙනවා.
ඒ වෙන කිසිවක් නිසා නෙවෙයි, ඇගේ පණ වැනි ආදරණීය දියණිය සමඟ එකතු වෙලා කරපු අතිශය සුන්දර සහ ආකර්ෂණීය වීඩියෝවක් නිසයි.
දෙන්නම සුදු පැහැති ඇඳුමින් සැරසිලා, හරියට අහසින් බැහැපු දේවදූතයෝ දෙන්නෙක් වගේ ඉතාමත් අලංකාර ලෙස තමයි මේ වීඩියෝව නිර්මාණය කරලා තියෙන්නේ. අම්මයි දුවයි අතර තියෙන ඒ සුන්දර බැඳීම, ආදරය සහ සිනහව මේ වීඩියෝව පුරාවටම අපූරුවට දැකබලා ගන්න පුළුවන්.
උදාරී මේ වීඩියෝවට තබලා තියෙන සටහන කාගේත් හදවත් සංවේදී කරවන එකක් වුණා. ඇය පවසන්නේ,
"මගේ ජීවිතයට ආදරය, සිනහව සහ නිමක් නැති සතුට රැගෙන එන දියණියක ලැබීමට තරම් මම වචනයෙන් විස්තර කළ නොහැකි තරම් වාසනාවන්තයි. ඇය වේගයෙන් ලොකු මහත් වෙමින් සිටිනවා විය හැකියි, නමුත් ඇය සැමදා මගේ පුංචි දියණිය සහ මගේ ජීවිතයේ ලැබුණු ලොකුම ආශීර්වාදයයි." බවත් උදාරී ආදරයෙන් ලියා තබලා තිබුණා.
සැබැවින්ම දියණියක සහ මවක අතර පවතින මේ උතුම් බැඳීම කාගේ වුණත් නෙතට කඳුලක්, හදවතට සතුටක් ගෙන දෙන එකක්. සෝෂල් මීඩියා පරිශීලකයින් රැසක් මේ සුන්දර වීඩියෝවට සුබපැතුම් එක් කරමින් අදහස් දක්වලා තියෙනවා දැකගන්න ලැබුණා.
උදාරීගේ සහ ඇගේ පුංචි දෝණිගේ මේ සුන්දර වීඩියෝව තවමත් බැලුවේ නැති අයට බලන්න, මෙන්න ඒ අපූරු දසුන් පෙළ!