ඒ වගේම තමයි, වත්මන් ගායන ක්ෂේත්‍රය ඇතුළේ තමන්ගේ අනන්‍ය වටිනාකමක් හදාගත්තු, වේදිකාව හොල්ලන දඟකාරම වගේම ආදරණීයම ගායන ශිල්පිනියක් තමයි කාංචනා අනුරාධි කියන්නේ.
ඔන්න ඉතින් මේ ආදරණීය තරු දෙක එකතු වෙලා, තමන්ට ආදරය කරන රසික රසිකාවියන් වෙනුවෙන් හරිම අපූරු, ලස්සන වැඩක් ලෑස්ති කරලා තියෙනවා.
ඒ තමයි, මේ දෙන්නගේ අලුත්ම සුසංයෝගයෙන් හැඩවුණු "මනමාල කතා" කියන අලුත්ම ගීත නිර්මාණය ප්‍රේක්ෂකයන් වෙනුවෙන් තිළිණ කරන්න සූදානම් වීම.
සජිත සහ කාංචනා දෙන්නගේම මුහුණු පොත හරහා රසිකයින්ට දැකගන්න ලැබුණේ හැමෝම මඟ බලාගෙන ඉන්න මේ අපූරු නිර්මාණය අද හවස ඉඳන් රසවිඳින්න පුළුවන් කියන සුභ ආරංචියයි. එකිනෙකට වෙනස් දක්ෂතාවලින් පිරුණු මේ දෙන්නගේ සුසංයෝගයෙන් බිහිවන "මනමාල කතා" ගීතය කොයි වගේ එකක් වෙයිද කියලා දැන් ඉතින් රසිකයෝ ඉන්නේ ලොකු කුතුහලයකින් සහ බලාපොරොත්තුවකින්.