නිරන්තරයෙන්ම තමන්ගේ සමාජ මාධ්‍ය ගිණුම් හරහා රසිකයින් එක්ක එකතු වෙන නෙත්මි, ඇගේ ජීවිතයේ සුන්දර මතකයන් මුහුණු පොතට එකතු කරන්නත් අමතක කරන්නේ නැහැ.
ඔන්න ඉතින් ඇය සිය මුහුණු පොතට එකතු කළ ඡායාරූප කිහිපයක් නිසා බොහෝ දෙනෙකගේ අවධානය ඇය දෙසට යොමු වෙලා තියෙනවා. ඒ වෙන මුකුත් නිසා නෙවෙයි, ඇය විසින් ගනු ලැබූ ඉතාමත් ප්‍රශංසනීය සහ උතුම් තීරණයක් නිසාවෙනි.
ඇය සිය ඇස් සහ ශරීරයේ කොටස් ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය (Sri Lanka Eye Donation Society) වෙත පරිත්‍යාග කිරීමට ලියාපදිංචි වී ඇති අතර, ඊට අදාළ සහතික පත්‍රයේ ඡායාරූප ඇය සමාජ මාධ්‍ය වෙත එකතු කර තිබුණා.
තමන්ගේ සුන්දරත්වය වගේම හදවතත් කොච්චර ලස්සනද කියලා නෙත්මි කළ මේ උතුම් ක්‍රියාවෙන්ම තේරෙනවා...ඇය මේ පින්තුර එක්කම මෙන්න මේ වගේ සටහනක්ද එකතු කරලා තිබුණා...
"අද, ජීවිතය පිළිබඳ තිළිණය පිරිනැමීමට මම තෝරා ගත්තෙමි"
මේ සටහන දුටු ඇගේ ආදරණීය ප්‍රේක්ෂකයින් සහ කලා ක්ෂේත්‍රයේ හිතවතුන් බොහෝ දෙනෙක් නෙත්මිගේ මේ උතුම් තීරණයට සුබ පතමින් සහ ප්‍රශංසා කරමින් අදහස් දක්වා තිබුණා.