පාසල් අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර මේ වෙනකොටත් අදාළ කලාප අධ්‍යාපන කාර්යාල වෙත යොමු කරලයි තියෙන්නේ. ඒ නිසා සියලුම විදුහල්පතිවරුන් තම පාසලට අදාළ කලාප අධ්‍යාපන කාර්යාලයේ විභාග විෂය භාර නියෝජ්‍ය හෝ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරයාගෙන් මේවා ලබාගන්න ඕනේ.
පෞද්ගලික අයදුම්කරුවන් සිය ප්‍රවේශ පත්‍ර මේ වන විටත් පෞද්ගලික ලිපිනයන්ට තැපැල් මාර්ගයෙන් යොමු කරලා අවසානයි.
ප්‍රවේශ පත්‍රයේ යම් සංශෝධනයක් සිදු කිරීමට ඇත්නම් විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිස පහත ආකාරයට ඒක ලේසියෙන්ම කරගන්න පුළුවන්.
පාසල් අයදුම්කරුවන් සඳහා විදුහල්පතිවරුන්ට ලබා දී ඇති User name & Password භාවිත කරලා System එකට ඇතුළු වෙලා අදාළ සංශෝධන සිදු කළ යුතුයි.
පෞද්ගලික අයදුම්කරුවන් වෙබ් අඩවියට පිවිස තමන්ගේ ජාතික හැඳුනුම්පත් අංකය (NIC) ඇතුළත් කිරීමෙන්ම සංශෝධන කරගන්න පුළුවන්.
මේ සංශෝධන සිදු කිරීම 2026 අගෝස්තු මස 03 වන දින මධ්‍යම රාත්‍රී 12.00 න් අවසන් වෙනවා. වෙන කිසිම හේතුවකටවත් මේ සඳහා ලබාදෙන කාලය නැවත දීර්ඝ කරන්නේ නැහැ කියලයි විභාග දෙපාර්තමේන්තුව තරයේම කියා සිටින්නේ...
විභාගය සම්බන්ධයෙන් යම් ගැටලුවක් හෝ විමසීමක් තියෙනවා නම් පහත අංක ඔස්සේ විභාග දෙපාර්තමේන්තුව සෘජුවම සම්බන්ධ කරගන්න පුළුවන්.
ක්ෂණික ඇමතුම් අංකය: 1911
දුරකථන අංක: 011 2784208 / 011 2784537
ෆැක්ස් අංකය: 011 2784422