ඩෙංගු පරීක්ෂාවට තමන්ගේ නිවසට පැමිණි පොලිස් නිලධාරීන්ට සාපරාධී බලහත්කාරය පෑම සහ පහරදීමට තැත් කිරීම ඇතුළු චෝදනා 4කට චිලී වැරදිකරු බවට පත් කරමිනුයි කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයෙන් මේ නියෝගය ලබා දීලා තියෙන්නේ.
එල්ල වූ චෝදනා හතරෙන් එක චෝදනාවකට රුපියල් 1500/= බැගින් දඩ නියම කෙරුණා.
සාපරාධී බිය ගැන්වීමට ලක් වූ තලංගම පොලිසියේ නිලධාරීන් දෙදෙනාට එක් අයෙකුට රුපියල් 10,000/= බැගින් ගෙවන ලෙසටයි නියෝග කළේ.
අදාළ පොලිස් නිලධාරීන් දෙදෙනා අද දින අධිකරණයට පැමිණ නොසිටි නිසා එම වන්දි මුදල අධිකරණයේ තැන්පත් කිරීමට පියවර ගෙන තිබෙනවා.
2014 වසරේදී තලංගම පොලිස් බලප්‍රදේශයේ පිහිටි චිලීගේ නිවසට ඩෙංගු මදුරුවන් පරීක්ෂා කිරීම සඳහා තලංගම පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් පැමිණ තිබුණා.
එහිදී එම නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් සාපරාධී බලහත්කාරය පෑම සහ පහරදීමට තැත් කිරීම සම්බන්ධයෙන් තමයි චිලීට චෝදනා එල්ල වුණේ.
සිද්ධියෙන් පස්සේ ඔහුව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර පසුව ඇප මත මුදාහැර තිබුණු අතර, වසර 12කට ආසන්න කාලයක් තිස්සේ විභාග වූ නඩුව අද මෙලෙස අවසන් වුණා.