අද (22) පස්වරු 1.00 ට පමණ මෝටර් රථයක් සහ යතුරුපැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ දරුණු රිය අනතුරකින් එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් අයෙකු බරපතළ ලෙස තුවාල ලබා තිබෙනවා.
මෙසේ මියගොස් ඇත්තේ දිඹුලාගල, මහඋල්පත ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි තරුණයෙක්. අනතුරෙන් පසු පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුවයි ඔහු මියගොස් තියෙන්නේ.
අනතුරින් බරපතළ ලෙස තුවාල ලැබූ අනෙක් පුද්ගලයා මේ වන විට පොළොන්නරුව මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා. අනතුරට හේතුව යතුරුපැදිකරුගේ නොසැලකිලිමත්කම සහ මත්පැන් පානය කර රිය ධාවනය කිරීම බවයි මනම්පිටිය පොලීසිය පවසන්නේ.
අනතුරට සම්බන්ධ මෝටර් රථයේ රියදුරුව මනම්පිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.