නවදිල්ලියේ භාරත් මණ්ඩපම් සංකීර්ණයේදී ඉතා අභිමානවත් ලෙස පැවැති මෙම උත්සවයට රන්බීර් කපූර්, සායි පල්ලවී සහ යෂ් ඇතුළු තාරකා රැසක් එක්ව සිටියා.
එහිදී සීතා දේවියගේ චරිතය නිරූපණය කිරීම පිළිබඳව අදහස් දැක්වූ සායි පල්ලවී ප්‍රකාශ කළේ, දෙවඟනකගේ චරිතයකට පණ පෙවීම කිසිසේත්ම ලෙහෙසි පහසු කටයුතු එකක් නොවන බවයි. සීතා දේවියගේ චරිතය තමන්ට හිමිවීම තමන් විසින් තෝරාගත් දෙයකට වඩා ලැබුණු මහත් ආශීර්වාදයක් ලෙස සලකන බව ඇය හැඟීම්බරව කියා සිටියා.
එපමණක්ද නොව, මෙම උතුම් චරිතයට පිවිසීමට පෙර තමන් භාවනා කරමින් සීතා දේවියගෙන් ආත්මීය ආශීර්වාදය ඉල්ලා සිටි බවද ඇය වැඩිදුරටත් අනාවරණය කළා...
කොටස් දෙකකින් සමන්විත මෙම දැවැන්ත සිනමා පටයේ පළමු කොටස 2026 නොවැම්බර් 8 වන දින දීපාවලි උත්සවයට සමගාමීව ලොව පුරා තිරගත කිරීමට නියමිතයි. ඊට පෙර, රසිකයන් නොඉවසිල්ලෙන් මඟබලා සිටින මෙහි නිල ට්‍රේලරය ජූලි 24 වන දින එළිදැක්වීමට නියමිතව තිබෙනවා.
මෙම දැවැන්ත සිනමාපටයේදී රන්බීර් කපූර් - රාම් ලෙසද, සායි පල්ලවී - සීතා ලෙසද, 'KGF' යෂ් - රාවණ ලෙසද ප්‍රධාන චරිතවලින් ප්‍රේක්ෂකයින් හමුවට ඒමට නියමිතයි...