සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින්මයි මේ සති අන්තයේ වඩාත්ම කතාබහට ලක්වෙන මේ උණුසුම් පුවත රටටම හෙළි කරලා තියෙන්නේ.
රට වටෙන්ම දැන් මේ වංචාව ගැන පැමිණිලි ගලාගෙන එන්න පටන් අරන් කියලයි ආරංචිය.
මේ දවස්වල දිවයිනේ සෑහෙන ප්‍රදේශවල ඉන්න අස්වැසුම ප්‍රතිලාභීන්ට එක එක නොම්මරවලින් දිගට හරහට ෆෝන් ඇමතුම් ලැබෙනවලු. කතා කරන කෙනා හඳුන්වා දෙන්නේ "අපි අස්වැසුම ප්‍රධාන කාර්යාලයේ නිලධාරීන්" කියලා.
ඊටපස්සේ බොහොම සුහදශීලීව කතා කරලා, "ඔයාගේ තොරතුරු යථාවත් කරන්න තියෙනවා" කියලා නැත්නම් වෙනත් එක එක බේගල් ඇදබානවලු. හැබැයි කතාව අවසාන වෙන්නේ මෙන්න මෙහෙමයි... "මේ වැඩේ කරගන්න නම් අපිට මෙන්න මේ ගාණක් ගෙවන්න වෙනවා."
අන්තිමේදී අහිංසක මිනිස්සුන්ගෙන් සල්ලි කඩා වඩා ගැනීම තමයි මුන්ගේ එකම ටාගට් එක වෙලා තියෙන්නේ!
මේ ජාවාරම ගැන ආරංචි වුණු ගමන්ම සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය කලබල වෙලා විශේෂ නිවේදනයක් නිකුත් කරලා තියෙනවා. ඔවුන් පැහැදිලිවම කියන්නේ මෙන්න මෙහෙම කතාවක්,
මේ වංචනික ඇමතුම්වලට සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ කිසිදු අනුදැනුමක් හෝ සම්බන්ධයක් නෑ.
අස්වැසුම සම්බන්ධ කිසිදු සේවාවකට දුරකථන ඇමතුම් මගින් මුදල් අය කරන්නේ නෑ.
ඔබටත් මෙන්න මේ වගේ සැකකටයුතු ඇමතුමක් ලැබුණොත් වහාම ක්‍රියාත්මක වෙන්න කියලා මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
ග්‍රාම නිලධාරී (වසම්භාර නිලධාරී) දැනුවත් කරන්න: ඔබේ කොට්ඨාසයේ නිලධාරියාට මේ ගැන වහාම කියන්න.
පොලීසියට යන්න: ළඟම තියෙන පොලිස් බල ප්‍රදේශයේ අපරාධ විමර්ශන අංශයට (CID) ගිහින් මේ දුරකථන අංක ගැන පැමිණිල්ලක් දාන්න.
ෆෝන් එකෙන් කවුරු හරි කතා කරලා අස්වැසුම සල්ලි දෙනවා කියලා ඔයාගෙන් සල්ලි ඉල්ලනවා නම්, අහුවෙන්න එපා! වටපිටාවේ ඉන්න අයටත් මේ ගැන කියලා දැනුවත් කරන්න.