කෙසේ වෙතත් මේ වන විට ඒ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක වෙනවා.
හෝමාගම කර්මාන්ත පුරයේ හෙල්මට් නිෂ්පාදනය කරනු ලබන කර්මාන්ත ශාලාවේ ඇතිවූ ගින්නට හේතුව විදුලි කාන්දුවක් බවට පොලිසිය සැක පළ කරනවා.
අද පෙරවරුවේ හටගත් මෙම ගින්නෙන් පුද්ගලයින් පස්දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.
ඔවුන්ගේ පිළිස්සුණු සිරුරු කර්මාන්ත ශාලාව තුළ තිබී සොයා ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් සඳහන් කළේ.
එසේම, දුම ආඝ්‍රාහනය වූ කාන්තාවක් ද හෝමාගම මූලික රෝහලට ඇතුළත් කෙරුණා.
ගින්න මේ වනවිට මැඩ පවත්වා ඇති අතර ඒ සඳහා කොළඹ, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ සහ දෙහිවල - ගල්කිස්ස මහ නගර සභාවල ගිනි නිවීමේ රථ 12ක් යොදවා තිබුණා.
ඒ සඳහා ගිනි නිවීමේ රථ 12ක් යෙදවූ බවයි ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
හෝමාගම කටුවාන කර්මාන්තපුරයේ හෙල්මට් නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවක මෙම ගින්න හටගෙන තිබුණේ අද පෙරවරුවේයි.
ගින්න හේතුවෙන් එම ප්‍රදේශයම කළු දුමාරයෙන් වැසී තිබූ අයුරුයි මේ.
ගින්න පාලනය කිරීම සඳහා කෝට්ටේ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකය ඇතුළු ගිනි නිවීමේ රථ 12ක් යොදවා තිබූ අතර මේ වන විට ගින්න පාලනය කර තිබෙනවා.