ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ පද්ධතියේ ඇති වූ හදිසි සහ දැවැන්ත බිඳවැටීමක් හේතුවෙන් පරිශීලකයන් විශාල පිරිසකට තමන්ගේ ගිණුම් වෙත පිවිසීමට නොහැකි වී ඇති බවයි.
අන්තර්ජාල බිඳවැටීම් නිරීක්ෂණය කරන ප්‍රකට 'Downdetector' වෙබ් අඩවියේ දත්තවලට අනුව, මේ ගැටලුව ඇමරිකානු වේලාවෙන් අද අලුයම 3:25 ට පමණ ආරම්භ වී තිබෙනවා. එකවරම ෆේස්බුක් App එක සහ වෙබ් අඩවිය ක්‍රියා විරහිත වීම නිසා ඇමරිකාව ඇතුළු රටවල් රැසක දහස් ගණන් පරිශීලකයින් මේ වන විටත් දැඩි අපහසුතාවයට පත්ව සිටින බවයි වාර්තා වෙන්නේ.
බොහෝ දෙනෙකු සිතා ඇත්තේ තමන්ගේ ගිණුම් හැක් වී ඇති බව වුවත්, පසුව දැනගන්නට ලැබුණේ මෙය මෙටා (Meta) සමාගමේම ඇති වූ තාක්ෂණික දෝෂයක් බවයි.
Facebook එකෙන් ආපු නිල පණිවුඩය
ෆේස්බුක් ගිණුම්වලට ලොග් වීමට උත්සාහ කරන අයට මේ වන විට තිරයේ දිස්වන්නේ මෙන්න මෙවැනි පණිවුඩයක්:
"වෙබ් අඩවියේ පවතින ගැටලුවක් හේතුවෙන් ඔබගේ ගිණුම දැනට භාවිත කළ නොහැක. මෙම දෝෂය නුදුරේදීම විසඳීමට අප බලාපොරොත්තු වන අතර, කරුණාකර මිනිත්තු කිහිපයකින් නැවත උත්සාහ කරන්න"
(Your account is currently unavailable due to a site issue...)
මේ වන විට මාර්ක් සකර්බර්ග්ගේ මෙටා (Meta) සමාගම විසින් මෙම පද්ධති දෝෂය කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීම සඳහා විශේෂ ඉංජිනේරු කණ්ඩායම් යොදවා වැඩ අරඹා ඇති බව නිල නොවන වාර්තා පවසනවා. තවත් සුළු වේලාවකින් ෆේස්බුක් යළි සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වනු ඇතැයි බලාපොරොත්තු විය හැකියි.