වාර්තා වන තොරතුරු වලට අනුව නම් ඇය මෙලෙස මිය ගොස් ඇත්තේ හදිසි අසනීප තත්වයක් හේතුවෙන්...
රුහුණ විශ්වවිද්‍යාලයීය කෘෂිකර්ම පීඨයේ 46 වන ශිෂ්‍ය කණ්ඩායමේ (46th Batch) ඉගෙනුම ලැබූ ඇය, කාගේත් ආදරය දිනාගත් දක්ෂ මෙන්ම නිහතමානී තරුණියක්.
ඇගේ මේ බලාපොරොත්තු නොවූ වියෝව දරාගත නොහැකි වූ ඇගේම සමීපතම ආදරණීය මිතුරියක්, මුහුණු පොත හරහා තබා තිබුණේ කියවන කාගේත් පපුව කීරිගැසී යන ආකාරයේ සටහනක්. සරසවි ජීවිතයේ මුල්ම දවසේ හමුවුණු ඒ සුන්දර මිතුරිය තමන්ව දාලා යන්නම යයි කියලා ඇය මොහොතකටවත් හිතන්න නැතුව ඇති.
ඒ සංවේදී සටහන මෙන්න...
"සුහුඹුල් සරසවි ඇරඹුමේ,
හමුවුනා නුඹව සුන්දර මිතුරියක් ලෙසින්....
සොයුරියක් තරමටම බැදී ගියත්,
සිතුනෙ නැහැ මොහතකවත්,
නුඹ අප තනිකර මෙලෙසින් ....
ඉක්මනින් දෙව්දුවක් වන බව.
කෙසේ දරාගන්නද මේ වියෝ දුක.....
ඉතින් සොයුරියනී,
හමුවෙමු නැවත භවයක,
අපගේම ලබැදි මිතුරියක් විලසටම.....
නිවන් සුව ලැබේවා මැණික...."
සරසවියට ආපු මුල්ම දවස්වල දකින හීන සැබෑ කරගන්නත් මත්තෙන්, තමන්ගේ ආදරණීයයන්, යහළු යෙහෙළියන් තනි කරලා සුහාරි මේ යන්න ගියේ කාටවත්ම දරාගන්න බැරි දුකක් ඉතිරි කරලා. මිතුරිය කියන්නා වගේම ඇය ඇත්තටම ඉක්මනින්ම දෙව්දුවක් වෙන්න යන්න ඇති...