හැබැයි ඒ උතුම් දෙමව්පියන්ව තමන්ගේම ලෙයින් උපන් පුතෙකුගේ අතින්ම ඝාතනය වුණු අදහාගත නොහැකි බියකරු පුවතක් ඇඹිලිපිටිය - කිරලවැල්කටුව ප්‍රදේශයෙන් වාර්තා වනවා.
මුළු ඇඹිලිපිටියම මළගෙයක් කළ මෙම ද්විත්ව ඝාතනය සිදුව ඇත්තේ ඊයේ (13) රාත්‍රී කාලයේදීයි.
පොලිසිය සඳහන් කරන්නේ පවුලේ ඇති වූ පෞද්ගලික ආරවුලක් දුරදිග යාම හේතුවෙන් මෙම බිහිසුණු පහරදීම සිදුව ඇති බවයි. කෝපය පාලනය කරගත නොහැකි වූ පුත්‍රයා විසින් තියුණු ආයුධයක් අතට ගෙන, කිසිදු හෘද සාක්ෂියක් නැතිව තමන්ගේම මවට සහ පියාට අමානුෂික ලෙස පහරදී කපා කොටා ඝාතනය කර තිබෙනවා.
මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 54 හැවිරිදි මව සහ, 58 හැවිරිදි පියායි.
තමන් අතින් සිදුවූ මහා පාපකර්මය සහ බරපතල විනාශය අවබෝධ වීමෙන් පසුවදෝ, පහරදීම සිදු කළ 26 හැවිරිදි තරුණ පුත්‍රයා කෙළින්ම ඇඹිලිපිටිය පොලිස් ස්ථානය වෙත ගොස් නීතියට භාර වී තිබෙනවා.