ඒ වැල්ලවාය, හදපනාගල, ඔරුකන්ද ගම්මානයේ පදිංචි වෙලා හිටපු චමෝදි කියන ආදරණීය දියණිය අකුණු සැර වැදීමකින් අවාසනාවන්ත ලෙස ජීවිතයෙන් සමුගත් පුවතයි.
එදා හවස වැස්ස වෙලාවේ චමෝදි ගියේ හේනේ ඉන්න තමන්ගේ ආදරණීය අම්මවයි තාත්තවයි ගෙදර එක්කගෙන එන්න. අම්මටයි තාත්තටයි අල්ලන්න කුඩ දෙකකුත් අරගෙන වැස්සේම ගිය චමෝදි, තමන්ගේ දෙමව්පියන් බලා සිටියදීම අකුණු සැරට බිලිවුණේ මුළු මහත් සමාජයම කම්පාවට පත් කරමින්.
"කවදා හරි ඉගෙනගෙන, අම්මාටයි තාත්තාටයි ඉන්න භාගෙට හදලා තිබුණු ගේ ලස්සනට හදලා දෙනවා..."
මේක තමයි ජීවිතයෙන් සමුගන්නකොටත් චමෝදිගේ හිතේ තිබුණු ලොකුම බලාපොරොත්තුව. චමෝදිගේ හදිසි වෙන්වීමත් එක්ක ඇගේ අසරණ දෙමව්පියන් දැඩි අසරණ තත්ත්වයකට පත්වුණා.
නමුත් චමෝදි කියන්නේ සාමාන්‍ය කෙනෙක් නෙවෙයි. ඇය මහමෙව්නාව අසපුවේ “අපේ දන්සල” ව්‍යාපෘතියේ සක්‍රීය, යාවජීව සාමාජිකාවක්. එහි බොහෝ පුණ්‍ය කටයුතුවලට ඇය කැපවීමෙන් දායක වෙලා තිබුණා.
ඇගේ අවසන් කටයුතු සඳහා පාංශුකූලයට වැඩම කළ මහමෙව්නාවේ ගෞරවනීය ස්වාමින්වහන්සේලා සහ “අපේ දන්සල” ව්‍යාපෘතියේ දරුවන් එකතු වෙලා, චමෝදි වෙනුවෙන් සහ ඇගේ අසරණ දෙමව්පියන් වෙනුවෙන් අපූරු තීරණයක් ගත්තා. ඒ චමෝදි ජීවතුන් අතර සිටියදී දකින්න ආස කරපු ඒ හීනය සැබෑ කරන්නයි.
ඒ අනුව, චමෝදිගේ දෙමව්පියන් වෙනුවෙන් අංගසම්පූර්ණ, අලුත් ලස්සන නිවසක් ඉදිකර දීමට ඔවුන් කටයුතු කළා. නිවසක් හදලා දීමෙන් විතරක් නතර නොවී, නිවසට අවශ්‍ය කරන සියලුම ගෘහ භාණ්ඩ, වැසිකිළියක් සහ පිරිසිදු ලිඳක්ද ඔවුන් විසින් සාදා නිමකර දී තිබෙනවා.
අද චමෝදි ශාරීරිකව අප අතර නැතත්, ඇය මියයන මොහොතේ පවා හිතේ දරාගෙන සිටි ඒ උතුම් බලාපොරොත්තුව අද ඉටුවෙලා අවසන්.