දිවයිනේ පළාත් සහ දිස්ත්‍රික්ක කිහිපයකට විටින් විට පැයට කිලෝමීටර 40 ත් 50 ත් අතර වේගයකින් යුත් තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
අද (09) නිකුත් කරන ලද නිවේදනයකට අනුව, මෙම තත්ත්වය ප්‍රධාන වශයෙන්ම මධ්‍යම, සබරගමුව සහ උතුරු-මැද යන පළාත්වලට බලපෑ හැකි බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.
මීට අමතරව පුත්තලම, හම්බන්තොට, මන්නාරම සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවලටද විටින් විට මෙලෙස තද සුළං ඇතිවීමේ හැකියාවක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන්කර සිටින්නේ.