මේ දවස්වල සමාජ මාධ්‍ය පුරාම හුවමාරු වෙන, දකින ඕනෑම කෙනෙක්ගේ හිතට ලොකු සතුටක් වගේම ආඩම්බරයක් ගෙනෙන අපූරු ඡායාරූපයක් තමයි ඔබ මේ දකින්නේ.
දියණියන්ම හතර දෙනෙක් ඉන්න පවුලක, ඒ හතර දෙනාම මෙරට ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවලින් උසස් අධ්‍යාපනය ලබාගෙන ඉහළම වෘත්තීන් වලට ගියපු කතාවක් තමයි මේ විදිහට සටහන් කරලා තිබුණේ.
පවුලේ බාලම දියණිය පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් පශු වෛද්‍යවේදී උපාධිය ලබාගත්ත දවසේ, තමයි මේ ලස්සන සටහන අන්තර්ජාලයට එක්කරලා තියෙන්නේ. ඇය තමන්ගේ ජයග්‍රහණය විතරක් නෙවෙයි, තමන්ගේ අක්කලා තුන්දෙනාගේ ජයග්‍රහණ ගැනත් හරිම ආඩම්බරයෙන් මේ විදිහට මතක් කරලා තිබුණා.
දියණියන් හතර දෙනාගේ ජයග්‍රහණ පෙළපොත..
ලොකු අක්කා: රජරට විශ්වවිද්‍යාලයෙන් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය පිළිබඳ විද්‍යාවේදී උපාධිය ලබාගෙන තිබෙනවා.
දෙවැනි අක්කා: පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් නීතිවේදී උපාධියත්, ඉන් නොනැවතී කොළඹ විශ්වවිද්‍යාලයෙන් මානව හිමිකම් පිළිබඳ පශ්චාත් උපාධියත් සම්පූර්ණ කර තිබෙනවා.
තුන්වැනි අක්කා: පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ඉංජිනේරු විද්‍යාවේදී ගෞරව උපාධිය ලබාගෙන තිබෙනවා.
බාල දියණිය (සටහන තැබූ): පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් පශු වෛද්‍යවේදී උපාධිය ලබාගෙන පශු වෛද්‍යවරියක් බවට පත්වෙලා තිබෙනවා.
"අම්මේ තාත්තේ... මේ ගෞරවය ඔය දෙන්නාටයි!"
ඇය මේ සටහන අවසන් කරන්නේ කාගේත් ඇස්වලට සතුටු කඳුළක් ගෙනෙන වචන පෙළකින්. ඇය කියන්නේ මේ ජයග්‍රහණ හතරම, අම්මා සහ තාත්තා ඔවුන් වෙනුවෙන් කරපු අප්‍රමාණ කැපකිරීම්වල සහ ඔවුන් කෙරෙහි තැබූ විශ්වාසයේ ප්‍රතිඵලයක් බවයි.
"මේ උපාධි හතරම එකතු වුණා කියන්නේ අපේ අම්මගේ තාත්තගේ ආදරය, කැපවීම සහ විශ්වාසය ගැන ලියවුණු ලස්සන කතාවක්. අම්මේ තාත්තේ අපි වෙනුවෙන් ඔය දෙන්නා කරපු කැපකිරීම්වලට මේ ගෞරවය ඔය දෙන්නාටයි"
අද කාලේ දරුවෙකුට උගන්වලා ඉහළට ගන්න මව්පියන් කොතරම් දුකක් විඳිනවාද කියලා අමුතුවෙන් කිව යුතු නැහැ. ඉතින් දියණියන් හතර දෙනෙක්ටම මේ තරම් ඉහළට යන්න පාර පෙන්නපු ඒ ආඩම්බරකාර අම්මාටයි තාත්තාටයි මුළු රටේම ගෞරවය හිමිවිය යුතුමයි!