ඉතින් මේ අසරණකමෙන් ප්‍රයෝජනය අරගෙන කූට විදිහට සල්ලි ගරන මහා පරිමාණ ජාවාරමක් ගැන සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරලා තියෙනවා.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා නිකුත් කළ මේ නිවේදනයෙන් කියවෙන්නේ, හෙද නිලධාරීන්ගේ වාර්ෂික ස්ථාන මාරු ලබාදෙනවා කියලා පොරොන්දු වෙලා, ඒ මුවාවෙන් ඉතා සූක්ෂම විදිහට මුදල් අයකරන ජාවාරමක් මේ දිනවල ක්‍රියාත්මක වෙන බවයි. මේ වගේ හොරුන්ට අහුවෙලා අමාරුවේ වැටෙන්න එපා කියලයි අමාත්‍යාංශය සමස්ත හෙද නිලධාරීන්ගෙන් දැඩිව ඉල්ලා සිටින්නේ.
කිසිම පිටස්තර පුද්ගලයෙකුට මුදල් දීලා මේ විදිහට ස්ථාන මාරුවීම් හදාගන්න බැහැ. අමාත්‍යාංශය අවධාරණය කරන්නේ හෙද නිලධාරීන්ගේ ස්ථාන මාරුවීම් සිදුකරන්නේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් හෝ පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පමණක් බවයි. ඒකත් සම්පූර්ණයෙන්ම නීත්‍යානුකූල ක්‍රමවේදයන්ට අනුව පමණයි සිද්ධ වෙන්නේ.
අමාත්‍යාංශවල බලයලත් නිලධාරියෙකු විසින් කරන ලිඛිත ඉල්ලීමකට පරිබාහිරව (ලියුමකින් තොරව), වෙනත් කිසිදු පාර්ශවයකට තමන්ගේ රාජකාරී හෝ පෞද්ගලික තොරතුරු ලබාදීමෙන් වළකින්න.
මේ වගේ මුදල් ඉල්ලන වංචා හෝ දූෂණ සම්බන්ධ තොරතුරු ඔබ දන්නවා නම්, ඒ ගැන වහාම අමාත්‍යාංශය වෙත දැනුම් දෙන්න.
ඉතින් ඉක්මනින් ට්‍රාන්ස්ෆර් එකක් ගන්න තියෙන හදිස්සියට ඔය වගේ ජාවාරම්කරුවන්ගේ බොරු පොරොන්දු වලට රැවටිලා, අමාරුවෙන් හම්බකරන සල්ලි ටික පූජා කරන්න එපා කියලා හැමෝම දැනුවත් කරන්න