එකම එක පින්තූරයකින් මුළු සමාජයටම ලොකු පාඩමක් කියලා දෙන මේ දසුන සැබවින්ම හදවතට ආදරයක් දැනෙන එකක්.
පාසල් ඇරිලා බස් එක එනකම් පාර අයිනේ බලාගෙන ඉන්න නංගි කෙනෙක් සහ අයියා කෙනෙක් තමයි මේ පින්තූරේ ඉන්නේ. දවස පුරාම ඉගෙනගෙන මහන්සි වෙලා ඉන්න නංගිගේ පොත් බෑග් එක ටිකක් බර වැඩියි වගේ කියලා මේ අයියට තේරෙන්න ඇති. හැබැයි ඔහු ඒක කටින් කිව්වේ නැහැ.
"නංගි ඔය බෑග් එක මට දෙන්න" කියලා බෑග් එක ඉල්ලගන්නවා වෙනුවට, මේ ආදරණීය අයියා කළේ කාටවත් නොදැනෙන්න නංගිගේ බර තමන්ගේ කරගත්ත එකයි. තමන්ගේ බෑග් එකත් පිටේ තියාගෙනම, නංගිගේ බෑග් එක යටින් තමන්ගේ අත තියලා ඒ බර උඩට උස්සගෙන ඉන්න ඔහු පියවර අරන් තිබුණා. බස් එක එනකම්ම සෑහෙන වෙලාවක් ඔහු ඒ බර දරාගෙන හිටියේ නංගිට පොඩ්ඩක් හරි පහසුවක් වෙන්නයි.
සමහර විට පාරේ යන එන අයට මේක පොඩි දෙයක් වගේ පේන්න ඇති. හැබැයි අද කාලේ මෙන්න මෙහෙම සහෝදර බැඳීම් දකින්න ලැබෙන්නේ හරිම කලාතුරකින්.
"මං ඉන්නවනේ නංගියේ..." කියන වචනේ කටින් නොකියා, තමන්ගේ ක්‍රියාවෙන්ම ඔප්පු කරලා පෙන්වපු මේ පුංචි අයියා ඇත්තටම අපේ සමාජයටම ලොකු ආදර්ශයක්.
අද කාලේ දේපළවලට, සල්ලිවලට සහෝදරයෝ මරාගන්න සමාජයක, මේ වගේ ලස්සන හිත් තියෙන දරුවෝ හැදෙන එක කෙතරම් වාසනාවක්ද? මේ දරුවන්ගේ අම්මා සහ තාත්තා තමන්ගේ දරුවන්ට දීපු වටිනාම සහ හොඳම දායාදය තමයි "එකිනෙකා ගැන හිතන, ආදරය කරන හොඳ හදවතක්" කියන එක මේ පින්තූරය දකින ඕනෑම කෙනෙකුට පැහැදිලි වෙනවා.