විශේෂයෙන්ම පාරට බැස්සම තමන්ගේ ආරක්ෂාව වගේම අනුන්ගේ ආරක්ෂාව ගැනත් හිතන එක හැමෝගෙම වගකීමක්. හැබැයි මේ කියන්න යන්නේ තමන්ගේ ජීවිතය ගැනවත්, පාරේ යන අහිංසක මිනිස්සුන්ගේ ජීවිත ගැනවත් කිසිම ගාණක් නැතුව "මරුවා සමඟ වාසේ" යන පන්නයේ වැඩක් කරපු තරුණයන් දෙන්නෙක් ගැනයි.
මේ වන විට මුහුණුපොත හරහා දැඩි කතාබහට ලක්වෙමින්, වේගයෙන් හුවමාරු වන වීඩියෝවක දැක්වෙන්නේ ඉතාමත් අනාරක්ෂිත ලෙස සහ අධික වේගයෙන් යතුරුපැදියක් ධාවනය කරමින් යන තරුණයන් දෙදෙනෙක්.
අදාළ වීඩියෝ පටයේ පැහැදිලිවම පෙනෙන ආකාරයට, මේ තරුණයන් දෙදෙනා අවම වශයෙන් ආරක්ෂිත හිස්වැසුම්වත් පැළඳ නැහැ. කිසිදු රීතියක් හෝ විනයක් නැතිව, අධික වේගයෙන් සහ අන්තරායකර ලෙස යතුරුපැදිය පදවාගෙන යනවා..
පාරේ යන අනෙකුත් වාහන අභිබවා යමින් මොවුන් කරන මේ වැඩේ නිසා ඕනෑම මොහොතක මාරක රිය අනතුරක් සිදුවීමට ලොකු ඉඩකඩක් පවතිනවා.