ඉතින් අපේ රටේ මිනිස්සුත් පවුල් පිටින්, යාළු මිත්‍රයෝ එක්ක එකතු වෙලා දන්සල් කන්න, වඳින්න යන්නේ හරිම භක්තියකින් සහ සතුටකින්.
හැබැයි මේ කියන්න යන්නේ දන්සල් කනවට අමතරව, තමන්ට අයිති නැති අනුන්ගේ දේවලුත් "නොමිලේ ලැබෙන දේවල්" කියලා හිතලා හොරකම් කරගෙන යන අපූරු පුද්ගලයන් දෙන්නෙක් ගැනයි.
සමාජ මාධ්‍ය හරහා මේ වන විට දැඩි කතාබහට ලක්වන CCTV කැමරා දර්ශනවලට අනුව, දන්සැලකින් බඩකට පිරෙන්න ආහාර ලබාගත් යුවළක්, ඒ අසල පිහිටි ඉන්ධන පිරවුම්හලක් අසල තිබූ වටිනා මල් පෝච්චි කිහිපයක් සූක්ෂ්ම ලෙස හොරකම් කරන අයුරු සටහන්ව තිබෙනවා.
අදාළ දර්ශනවල පෙනෙන ආකාරයට, මොවුන් දෙදෙනා ඉතාමත් සන්සුන්ව පැමිණ, කිසිවෙකුටත් සැක නොසිතෙන පරිදි ඉන්ධන පිරවුම්හල අලංකාර කිරීමට තබා තිබූ මල් පෝච්චි සිය යතුරුපැදියේ තබාගෙන ඉතා ඉක්මනින් එතැනින් පළා යනවා.
මේ දිනවල පින් අනුමෝදන් කරගන්න දන්සල් දෙන මිනිස්සුන්ගේ ගුණධර්ම වටහා නොගෙන, මෙලෙස තුච්ඡ වැඩ කරන පුද්ගලයන් ගැන සමාජ මාධ්‍ය පරිශීලකයන් නම් පළ කරන්නේ දැඩි අප්‍රසාදයක්.