ඊයේ දවසේ ඔහුගේ නිවසට සතුටුදායක මෙන්ම ඉතාමත් සුවිශේෂී දවසක් වුණා. ඒ, ගිනිරාජ් කෞශල්‍ය සහ ඔහුගේ ආදරණීය බිරිඳගේ විවාහ සංවත්සරය ඊයේ දවසේ යෙදී තිබීම නිසාවෙන්.
මේ විශේෂ දවස වෙනුවෙන් ඔවුන්ගේ කැදැල්ලට තවත් ආදරයක් එකතු කරමින්, ඔවුන්ගේ ආදරණීය දියණිය වන අමද්‍ය උපපලි සිය මුහුණුපොත හරහා මව්පියන් වෙනුවෙන් අපූරු සුබපැතුම් සටහනක් තබා තිබුණා.
තමන්ගේ ආදරණීය අම්මාගේ සහ තාත්තාගේ ඉතාමත් සුන්දර, ළෙන්ගතු ඡායාරූපයක්ද සමාජ මාධ්‍ය වෙත එකතු කරමින් ඇය මේ සුබපැතුම එක් කර තිබුණේ බොහෝ දෙනෙකුගේ හදවත් දිනාගනිමින්.