අද ඔහු ගැන සමාජ මාධ්‍ය හරහා බොහෝ දෙනෙක් කතා වෙන්න පටන් අරන් තියෙනවා.
ඒකට හේතුව තමයි, පසුගියදා අපෙන් සමුගත් ප්‍රවීණ ගායන ශිල්පී රුක්මන් අසිත මහතාගේ හදිසි වියෝව වෙනුවෙන් තිවංක සිය මුහුණුපොතට එක් කර තිබූ අතිශය සංවේදී සටහනක්.
තමන්ව ක්ෂේත්‍රය තුළට ඔසවා තබන්නට රුක්මන් අසිත ලබා දුන් ඒ අසිරිමත් හයිය ගැන තිවංක දිල්ෂාන් ලියා තිබුණේ දෑසට කඳුළු උනන ආකාරයටයි.
ඔහු තැබූ ඒ සංවේදී සටහන මෙන්න...
රුක්මන් අයිය කියන්නෙ මගෙ ජීවිතේ විශේශම කෙනෙක්.. මාව ලංකාවෙ මිනිස්සු ඉස්සෙල්ලම අදුරගන්නෙ රුක්මන් අයියගෙ "තරහවෙලා හිත හඩවාලා ගීතයෙන්".
එදා ඒ cover එක දැකල ලංකාවෙ artist කෙනෙක්ගෙන් මගෙ ජීවිතේ ලැබුන පලවෙනි දුරකතන ඇමතුම ලැබුනෙ රුක්මන් අයියගෙන්.. මට අද වගේ මතකයි එදා කිව්ව "මල්ලි උබ ලොකු ගමනක් යනව මගෙ ඕන සින්දුවක් කියපන් කියල" අද අපි මේ සංගීත පොලවෙ කෙලින් හිටගෙන ඉන්නෙ ඒ මනුස්සයො දීපු හයියෙන්..
මං වගේ කොල්ලො කී දෙනෙක්ගෙ ඔයා ආස ගායකයෙක් වෙන්න ඇද්ද.. සුබ ගමන් මගෙ අයියෙ..නිවන දුර නොවේවා..!!"
නවකයන්ට නිසි තැන දෙමින්, ඔවුන්ව දිරිමත් කළ රුක්මන් අසිත වැනි නිහතමානී කලාකරුවෙකුගේ වෙන්වීම සමස්ත සංගීත ක්ෂේත්‍රයටම පියවන්න බැරි ලොකු අඩුවක්.