පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සමසෞඛ්‍ය විද්‍යාපීඨයේ (21/22 කණ්ඩායමේ) අධ්‍යාපනය හදාරමින් සිටි බිම්සර චන්දිමාල් නම් දක්ෂ සිසුවෙකු පසුගියදා මිය ගොස් තිබෙනවා...
මෙම මරණයත් සමඟ මුහුණු පොතේ මෙන්න මේ වගේ සටහනක් දකින්න ලැබුණා...
" විශ්වවිද්‍යාලයක විද්‍යාර්ථයෙක් නිසා පොඩ්ඩක් උනන්දුවෙන් මේ කාරණාව ගැන හොයල බලද්දි ලැබුණ තොරතුරු වලින් තමයි මේ ලියමන ලියන්න ඕන කියල හිතුනේ.
කැස්බෑව විය සිදුරින් අහස බලන වෙලාවක ලැබුණ මනුස්ස ජීවිතය තමන් විසින්ම නැති කරගන්න එක සුළුපටු නැහැ. නමුත්, මේ කොල්ල කරගත්තෙ මෝඩ වැඩක්, තව ටිකක් ඉවසන්න තිබුණා, ඉගෙන ගත්තට වැඩක් නෑ , මැරෙන එකද හපන්කම වගේ අර හණමිටි කතා ටිකනම් මම කියන්නෙ නෑ.
සියදිසි නසාගැනීම් වලින් සියයට අනූවකට වඩා අපිට මම උඩ කීව වගේ චෝදනා කරන්න බැරි විදියෙ ඒවා. ඉතිං මේ වගේ දේකදි ඇත්තටම පසුතැවෙන්ට ඕනෙ මේ කොල්ල ළඟින්ම ආශ්‍රය කරපු මිනිස්සු. මේ කොල්ල බැජ් දෙකක් මිස් වෙලා තියෙනවා. ඇකඩමින් ස්ට්‍රෙස් එක උපරිමයට තිබිල තියෙනවා. මම හොදටෝම දන්නවා මේ ප්‍රශ්න වලට විසදුම මරණය නෙවෙයි කියන්න. ඒත් ඒක මම දන්නෙ මම ඉන්නෙ හොද මානසිකත්වයකින් නිසා. ඇකඩමික් ස්ට්‍රෙස් එක නිසා මේ කොල්ලට ඩිප්‍රෙශන් හැදිල තියෙනවා. මම තව හොදටම දන්න දෙයක් තියෙනවා. ඩිප්‍රෙශන් හැදුන මනුස්සේක්ට සමහර ප්‍රශ්න වලට මරණයට වඩා විසදුමක් පේන්නෙ නෑ.
ඉතිං මේ කොල්ල අවසානයට තීරණය කරල තියෙන්නෙ සියදිවි නසාගන්න. Suicide කරගෙන තියෙන්නෙ ලණුවක් බෙල්ලට දාගෙන. මට මේ කාරණාවත් එක්ක ගොඩක් දේවල් ගැන කතා කරන්න පුළුවන්. එකක් විශ්වවිද්‍යාල අධ්‍යාපනය තුළ ළමේකුට ලැබෙන පීඩනය. අනික් එක suicide කරගන්න හදන කෙනෙක්ගෙ මානසිකත්වය. ඒ වගේම එයා ළගින්ම ඉන්න අයට කියන්න ගොඩක් දේවල් තියෙනවා. මේ වෙලාවෙ මම කතා කරන්නෙ අවසානම එක..
මේක මම හැමදාම වගේ කතා කරනවා. ඩිප්‍රෙශන් හැදුන මනුස්සේක් ගොඩක් වෙලාවට බලන්නෙ හුදෙකලා වෙන්න. එයාලගෙ මොළය එයාලට එතනට තල්ලු කරනවා. එයාලව නිශ්ෂබ්ද පුද්ගලයො බවට පත් කරනවා.
මේ ක්‍රියාවලිය එයාලට ඇත්තටම තේරෙන්නෙ නෑ. මේක එයාලටත් නොදැනිම වෙන දෙයක්. මම හැමදාම කියනව වගේ පොළට ගිහින් එළවලුවක් ගනිද්දි එහා පැත්තෙ එළවලුව ගන්න මනුස්සය ගැන අවධානයෙන් ඉන්න. සමහර විට ඊළග මොහොතෙ ඒ මනුස්සය මැරෙන්න පුලුවන්. මේ වගේ මිනිස්සුන්ට අවශ්‍ය මහ ලොකු අවධානයක්. ආදරයක්. ඉතිං මේ වගේ මිනිස්සුන්ව තනි කරන්න එපා..
මේ කොල්ලගෙ ගම් පළාත් අම්බලන්තොට, නිවුන්නු නංගිල දෙන්නයි තවත් නංගි කෙනෙකුයි අම්මයි තාත්තයි පවුලෙ ඉන්නෙ. අම්මා තාත්තා ගොවිතැන් කරනව කියල තමයි මේ කොල්ලගෙ බැජ් එකේ ළමයි මගෙත් එක්ක කිව්වේ.
කැම්පස් එකේ වෙන දේවල් වලින් සීයට එකක්වත් කොල්ලො ගෙදරට කියන්නෙ නෑ. මමත් එහෙමයි. ඒක කොල්ලන්ගෙ හැටියක්. ඉතිං මේ පවුලෙ අය කිසිම දෙයක් නොදන්නව ඇති අනිවාරෙන්ම. ඒකට ඒ මිනිස්සු වැරදිත් නෑ මේ කොල්ල වැරදිත් නෑ. අපි නොදන්න තව ගොඩක් කතා තියෙන්නත් පුලුවන්. ආසන්නතම හේතුවනෙ මේ ඇකඩමික් ස්ට්‍රෙස් එක කියල කියන්නෙ.
විෂාදය මනුස්සේක්ගෙ ළඟින්ම ඇසුරු කරන යහළුවන්ට මම විශේෂයෙන් ආමන්ත්‍රණය කරන්නෙ. ඒ මිනිස්සුන්ව තනි කරන්න එපා. ඔයාට පෙරළා යමක් නොලැබෙයි. හැබැයි ජීවිතයක් ආරක්ෂා කළා කියන සතුට පින අනිවාරෙන් ලැබේවි...!!! "
