එමෙන්ම, වසරේ වඩාත් ජනප්‍රියතම ප්‍රවෘත්ති නාලිකාවට හිමි සම්මානයෙන් පිදුම් ලැබීමට HIRU NEWS සමත් වුණා.
වසරේ වඩාත් ජනප්‍රියතම රියැලිටි වැඩසටහනට හිමි සම්මානයෙන් පිදුම් ලැබීමට HIRU STAR වැඩසටහන සමත් වූ අතර, ඩිජිටල් අංශය වෙනුවෙන්, වසරේ වඩාත් ජනප්‍රියතම ටික්ටොක් ගිණුමට හිමි සම්මානය Hiru TV Tiktok හිමිකරගත්තා.
එමෙන්ම, වසරේ වඩාත් ජනප්‍රියතම ගුවන්විදුලි නාලිකාවට හිමි සම්මානය HIRU FM ගුවන්විදුලි නාලිකාවත්, වසරේ වඩාත් ජනප්‍රියතම තාරුණ්‍යයේ ගුවන්විදුලි නාලිකාවට හිමි සම්මානය SHAA FM නාලිකාවත් හිමිකරගත්තා.
වසරේ ජනප්‍රියතම ටෙලි නාට්‍යයට හිමි සම්මානය හිමිකරගත්තේ හිරු ටීවී විකාශය කරන 'පාට කුරුල්ලෝ' ටෙලි නාට්‍යයි.
මෙහිදී, වසරේ වඩාත් ජනප්‍රියතම සමාජ මාධ්‍ය ප්‍රවෘත්ති පිටුව ලෙස HIRU NEWS FACEBOOK පිටුව සම්මානයට පාත්‍ර වෙද්දී, වසරේ වඩාත් ජනප්‍රියතම ප්‍රවෘත්ති වෙබ් අඩවිය ලෙස www.hirunews.lk සම්මාන හිමිකරගත්තා.
වසරේ වඩාත් ජනප්‍රියතම රූපවාහිනී උදෑසන වැඩසටහන ලෙස HIRU TV - පත්තරේ විස්තරේ සම්මානිත වුණා.
එමෙන්ම, වසරේ වඩාත් ජනප්‍රියතම දමිළ ගුවන්විදුලි නාලිකාව ලෙස හිරු මාධ්‍ය ජාලයේ සහෝදර නාලිකාවක් වන SOORIYAN FM සම්මාන හිමිකරගනිද්දී, තවත් අපගේ සහෝදර නාලිකාවක් වන GOLD FM වසරේ වඩාත් ජනප්‍රියතම ඉංග්‍රීසි ගුවන්විදුලි නාලිකාව ලෙස සම්මානයට පාත්‍ර වුණා.
වසරේ වඩාත් ජනප්‍රියතම ගුවන්විදුලි වැඩසටහන ලෙස DJ ARA & PASBARA (HIRU FM) සම්මාන හිමිකර ගත්තා.