ඉතින්, 2027 අවුරුද්දේ රජයේ පාසල්වල පළමු ශ්‍රේණියට තමන්ගේ දරුවාව ඇතුළත් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයට අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයෙන් වැදගත්ම ආරංචියක් ගෙනල්ලා තියෙනවා.
ඔව්, 2027 වර්ෂයට අදාළව පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ නිල චක්‍රලේඛය මේ වෙද්දීත් නිකුත් කරලා ඉවරයි. මේ ගැන අමාත්‍යාංශයේ මාධ්‍ය ඒකකය විසින් අද (2026 ජූනි 25) විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මේ බව තහවුරු කරලා තියෙනවා.
ලියකියවිලි එකතු කරන්න, ෆෝම් පුරවන්න දුවපැනලා මහන්සි වෙන්න කලින් මේ වැදගත් කරුණු ටික ගැන අනිවාර්යයෙන්ම දැනගෙන ඉන්න..
පත්තරේට එන දවස: මේ වැඩේට අදාළව පුවත්පත් නිවේදනය එන 2026.06.29 වෙනිදා රජයේ පුවත්පත්වල පළ කරන්න දැනටමත් කටයුතු යොදලයි තියෙන්නේ. එදාට පත්තරයක් අරන් බලන්න අමතක කරන්න එපා!
චක්‍රලේඛ අංකය: මෙවර නිකුත් කර ඇති නව චක්‍රලේඛය වන්නේ අංක 25/2026 දරන චක්‍රලේඛයයි.
වැඩිදුර විස්තර සඳහා: මේ ගැන සම්පූර්ණ තොරතුරු සහ අදාළ චක්‍රලේඛය මේ වෙද්දීත් අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියට ඇතුළත් කරලා තියෙනවා.
ඉතින් 2027 දරුවෝ ඉස්කෝලෙට දාන්න ලෑස්ති වෙන අය දැන්ම ඉඳන් වෙබ් සයිට් එක පැත්තේ ගිහින් මේ විස්තර ටික බලාගන්න එක තමයි නුවණට හුරුයි..