Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jun
23
"අපි දෙන්නට හැබෑ කරගන්න හීන ගොඩක් තියනවා..." විවාහය ගැන රසිකයින්ට ඉඟි කරන දසුනි ඒ ගැන කියූ කතාව දැනගන්න කැමතියිද..?

- "අපි දෙන්නට හැබෑ කරගන්න හීන ගොඩක් තියනවා..." විවාහය ගැන රසිකයින්ට ඉඟි කරන දසුනි ඒ ගැන කියූ කතාව දැනගන්න කැමතියිද..?Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

388 Views

ඇය නව පරපුරේ ජනප්‍රිය රංගන ශිල්පිනියක්.

ඒ විතරක් නෙවෙයි නර්ථනයටත් ඇය උපන් හපන්කම් කියන චරිතයක්. දසුනි සිනෙත්මා, ඇය පසුගිය දවසක ඇයගේ 21 වැනි උපන්දිනය ගොඩක් විචිත්‍රවත් විදිහට සමරලා තිබුණා. 


ඒ දවසේ සිදුවුණු තවත් විශේෂ කාරණයක් තමයි ඇයගේ පෙම්වතා රසිකයින් අතරට සමීප වුණු එක. දසුනිගේ ජීවිතයට ඔහු ඇත්තෙන්ම සුවිශේෂී පුද්ගලයෙක්. ඔන්න ඉතින් ඒ කාරණයක් එක්කම ළඟදි දවසක දසුනි පුවත්පතකට කියලා තිබුණේ මෙන්න මේ වගේ ආදරණීය කතාවක්. ඇයගේ ජීවිතය ඉදිරියේදී කොහොම නම් වෙනස් වේවිද..? දසුනි මේ ඉඟි කරන්නේ අන්න ඒ කාරණාව ගැනද කියලා බලන්නකෝ..

අවුරුදු 21 ක් තුළ දසුනි කලා ක්ෂේත්‍රයේ ආපු දුර කොහොමද ?
මම වයස අවුරුදු 7 දී නර්තනය හදාරන්න පටන් අරන් දිගටම නර්තන අං⁣ශයෙන් ඉදිරියට ඇවිත් ජයග්‍රහණ ලැබුවා. නර්තන අංශයෙන් පස්සෙ ටෙලිනාට්‍යවලට සහ සිනමාවට පිවිසිලා ප්‍රසිද්ධ නිළියක් වෙන්න මේ අවුරුදු 21 ට මට පුළුවන් වුණා.

මේ අවුරුදු 21 තුළ ජීවිතය ගැන පසුතැවීම් අතිවුණ අවස්ථා තියනවද ?
ඔව්. තාත්තව අහිමිවීම තමයි මට තියන ලොකුම පසුතැවීම. මම පුංචි වයසෙදියි තාත්තව මට අහිමි වුණේ. ගෑනු ළමයෙක්ගේ ජීවිතයේ විශ්වසනීයම සහ ආදරවන්තම පිරිමියා වෙන්නෙ තාත්තා. ඉතින් තාත්තාගේ සෙනෙහස අහිමිවීම මේ අවුරුදු 21 ට මට ගොඩක් දැනුණා.

තාත්තා හිටියනම් දසුනිගේ ජීවිතය මොනවිදිහට වෙනස් වෙයිද ?
තාත්තා ජීවත්වෙලා හිටියනම් අපේ පවුලෙ මූල්‍යමය තත්ත්වය දැනට වඩා හොඳ වෙයි කියලා මම විශ්වාස කරනවා. තාත්තා නැති වුණාට පස්සෙ අම්මා තමයි පවුලෙ ආර්ථික බර කරට අරගෙන මගෙයි නංගිගෙයි මල්ලිගෙයි වැඩකටයුතු ක⁣ළේ. මම දැන් කලා කටයුතුවල නියැළෙන නිසා අම්මට තනියම පවුලෙ බර අදින්න දෙන්නෙ නැතුව මම හම්බකරන මුදල් වලින් පවුල ගෙනියනවා.

ලොකු දුව විදිහට වගකීම් කරට අරගෙන පවුල ගෙනියනවා වුණාට හුඟක් සැහල්ලු ජීවිතයක් නේද ගතකරන්නෙ ?
ඔව්. පවුල ගැන බලනවට අමතරව මම ගැනත් බලන්න ඕනනෙ. මම කැමැති විලාසිතා කරලා, නිදහස් තැන්වල ඇවිදින්න ගිහින්, යාළුවො එක්ක පාටි දාලා සැහල්ලුවෙන් සතුටින් මම ජීවත් වෙනවා.

දසුනි උපන් දිනය සමරපු විදිහ ගැන කියමුද ?
21 වැනි උපන් දිනය මගේ ජීවිතයේ විශේෂ අවස්ථාවක් නිසා මම හිතුවා ලස්සනට සමරන්න ඕන කියලා. ඉතින් ඒ වෙනුවෙන් මම birthday photo shoot දෙකක්ම කළා. එකක් කළු අශ්වයකුගේ උඩ නැගලා මුහුදු වෙරළෙ කළේ. මම කලින් අශ්වයො පැදලා නැති නිසා එකපාර අශ්වයව හසුරවගන්න අමාරු වුණා. ඉතින් අශ්වයට කන්න දීලා සලකලා තමයි අශ්වයව හසුරවගත්තෙ. දෙවෙනි shoot එක ස්ටූඩියෝවක් ඇතුළෙ දම් පාට පසුබිමක් මැද මම සුදු ඇඳුමකින් සැරසිලා සරාගීකම පෙනෙන විදිහට කළා. Photo shoot වලින් පස්සෙ කලා ලෝකයේ යාළුවො, පවුලෙ අය සහ මට ආදරය කරන අය එක්ක පාටියක් දාලා උපන් දිනය ජයටම සැමරුවා. සමහරු කියන්න පුළුවන් උපන් දිනය වෙනුවෙන් පාටි දානවට වැඩිය පිං අතේ වැඩක් කලා නම් වටිනවා කියලා. හැබැයි මම පාටි දැම්මෙ උපන් දිනය වෙනුවෙන් ළමා නිවාසයකට දානයක් දීලා තාත්තටත් පිං අනුමෝදන් කළාට පස්සෙ.

කොණ්ඩෙ කොට කරපු එකටනම් රසිකයො වැඩිය කැමැති නැහැ⁣ නේද ?
ඔව්. උපන් දිනය වෙනුවෙන් කොණ්ඩෙ කොටට කපපු එක ගැන රසිකයො ගොඩක් විවේචනය කරලා තිබුණා. මම කාලෙක ඉඳලා ආසාවෙන් හිටියා කොණ්ඩෙ කොටට කපන්න. නමුත් පහුගිය කාලෙ විකාශයවුණ ටෙලිනාට්‍යක් මගෙන් දිග කොණ්ඩය බලාපොරොත්තු වුණා. ඉතින් ඒ ටෙලිනාට්‍යයේ රූගතකිරීම් අවසාන වුණාට පස්සෙ මම කොණ්ඩෙ කොට කළා. හැමදාම එකම විදිහ⁣ට ඉන්නෙ නැතුව මම කැමැතියි වෙනස් දේවල් කරලා ජීවිතය විඳින්න. ඒ දේවල්වලට අනිත් අය අකැමැති වුණාට මට කරන්න දෙයක් නැහැ⁣.

ඉස්සරට වඩා මහත් වෙලාද ?
හැමෝම කියන්නෙ මම ඉස්සරට වඩා මහත්වෙලා කියලා. හැබැයි මට වුණා දේ කවුරුත් දන්නෙ නැහැ⁣. දෙසැම්බර් මාසෙදි නර්තන පුහුණුවීමක් අතරෙදි මම වැටිලා කකුල කැඩුණා. ඉතින් මට නැගිටගන්න බැරුව ටික කාලයක් එක තැන ඉඳගෙන විවේක ගන්න සිද්ද වුණා. ඒ අතරෙදි මගේ ඇඟ නෙරලා ඇවිත් මහත්වෙන්න පටන්ගත්තා. මහත්වුණ ඇඟ workout මගින් කෙට්ටු කරගන්න ගමන් දැන් මම ඉන්නෙ.

දසුනි පෙම්වතියක් කියලා උපන් දින සාදයේදි ප්‍රසිද්ධ කළා. පෙම්වතාගෙන් මොන විදිහෙ ආදරයක්ද ලැබෙන්නෙ ?
මගේ හිත අවුල්වුණහම සනසවන, ධෛර්ය දීලා මාව ඉහළට ඔසවන්න උත්සාහ කරන, ආදරෙන් මාව බලාගන්න පෙම්වතෙක් මට ලැබිලා ඉන්නවා. එයාගේ ආදරය තුළ මම පුදුමාකර සැනසීමක්, සැහැල්ලුවක් විඳිනවා.

උපන් දිනය වෙනුවෙන් පෙම්වතා දීපු තෑග්ග මොකක්ද ?
ඔව්. උපන් දිනයෙදි එයා තෑගි ගොඩක් මට දුන්නා. එයා දීපු හැම තෑග්ගක්ම මට විශේෂයි.

පිරිමි ළමයින්ගෙන් දසුනිට ලැබෙන ආකර්ෂණය ගැන පෙම්වතා ඊර්ෂ්‍යා නැද්ද ?
කෙල්ලෙක් වුණහම පිරිමි ළමයින්ගේ ආකර්ෂණය ලැබෙන එක සාමාන්‍යයි. ඉතින් මටත් පිරිමි ළමයින්ගේ ආකර්ෂණය ලැ⁣බෙනවා. මගේ පෙම්වතා ඒක තේරුම් අරගෙන ඉන්නෙ. මම කොහෙද යන්නෙ, කාත් එක්කද කතා කරන්නෙ, මොනවද කරන්නෙ, එයා කැමැති නැත්තන් එපා වගේ දේවල් කියන toxic පෙම්වතෙක් නෙමයි මගේ පෙම්වතා.

විවාහ වෙන්න අදහසක් නැද්ද ?
අපි තාම ආදරය කරන්න පටන්ගත්තා විතරයි. තාම විවාහය ගැන හිතලවත් නැහැ⁣. අපි දෙන්නට හැබෑ කරගන්න හීන ගොඩක් තියනවා. මේ මොහොතෙ අපි හීන පස්සෙ යන ගමනකයි ඉන්නෙ.
May be an image of one or more people, beard and weddingMay be a black-and-white image of one or more people, beard, henna, people smiling and weddingNo photo description available.May be an image of wedding


ධරණි පුවත්පතෙන්..
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top