ලොවක් මවිත කළ මේ ක්‍රීඩකයා නමින් ලියොනල් මෙසී..
ජාත්‍යන්තර පාපන්දු පිටියේ නොමැකෙන සටහන් තබා ඇති ආර්ජන්ටිනාවේ සුපිරි ක්‍රීඩක ලියොනල් මෙසී (Lionel Messi), ලෝක පාපන්දු ඉතිහාසයේ කිසිදු ක්‍රීඩකයෙකු මෙතෙක් නොතැබූ අතිවිශේෂ වාර්තාවක් තබා තිබෙනවා.
ඒ, නිල වශයෙන් ලෝක කුසලාන තරගාවලි 6ක් සඳහා ක්‍රීඩා පිටියට පිවිසි ලොව පළමු ක්‍රීඩකයා බවට පත්වෙමින්.
දැනට පැවැත්වෙන පාපන්දු ලෝක කුසලාන තරගාවලිය යටතේ, ඇල්ජීරියාවට එරෙහිව අද (17) පැවැත්වෙන මූලික වටයේ තරගයට ආර්ජන්ටිනා කණ්ඩායම නියෝජනය කරමින් සහභාගී වීමත් සමඟයි මෙසී මෙම ඓතිහාසික වාර්තාව තමා සතු කර ගත්තේ.
2006 වසරේදී සිය ප්‍රථම ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා කළ ලියොනල් මෙසී, එතැන් පටන් අඛණ්ඩව ලෝක කුසලාන පිටියේ කැපී පෙනෙන දස්කම් දැක්වූවා.
ඒ අනුව, ඔහු මින්පෙර, 2006 - ජර්මනිය (පළමු ලෝක කුසලාන ප්‍රවේශය), 2010 - දකුණු අප්‍රිකාව, 2014 - බ්‍රසීලය, 2018 - රුසියාව, 2022 - කටාර් යන තරගාවලි සඳහා අඛණ්ඩව සහභාගි වී තිබෙනවා.
2022 වසරේදී කටාර් රාජ්‍යයේ පැවැති ලෝක කුසලාන තරගාවලියේදී ආර්ජන්ටිනාවට ලෝක ශූරතාවය දිනා දීමට නායකත්වය දුන් මෙසී, එම තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයාට හිමි "රන් පන්දුව" (Golden Ball) සම්මානයෙන්ද පිදුම් ලැබුවා.